Maintenance

Bike එක අතර මග නතර වුණොත් මොකද කරන්නේ?

ඔබ Bike එකේ හැම අගලක් ගැනම දැනගෙන ගමනක් ගියත්, මහ මගදි Bike එක කැඩෙන එක සාමාන්ය දෙයක්. හැබැයි ඒ වෙලාවට ඔබ කරන්න ඕනේ හරිම දේ දැනගෙන හිටියොත් ඒක සාක්කුවටත් හොදයි, ඔබේ ඇගටත් ගුණයි. අද Biker.lk තුළින් අපි ඔබට කියන්නේ Bike එක මහ මග නතර වුණොත් කරන්න ඕනේ දේවල් ගැනයි.

01. හරියට හරි, bike patch එකක්

 

Puncture kit

ඔබට මහ මගදි සිද්ධ වෙන්න පුලුවන් සාමාන්යම දේ තමයි tyre එකේ හුළං යන එක. හැබැයි ගමනක් යනකොට සිද්ධ වෙන්න පුලුවන් නරකම දෙයත් ඒකයි. හදිසියේ හරි එහෙම දෙයක් වුනොත් ඔබ මොකද කරන්නේ?

ලෙඩක් හැදුනට පස්සේ බෙහෙත් ගන්න එකට වඩා හොදයි ලෙඩේ හැදෙන්න කලින් ඒක වලක්වා ගන්න එක. ඒ කතාව මෙතනටත් වලංගුයි. ඔබ ගෙදරින් එළියට බහින්නම ඕනේ මේ ප්රශ්නෙට උත්තරත් අරගෙනයි. ඒ නිසා අමතක නොකර Puncture kit එක අරගෙන යන්න. ඔබේ Bike එකේ tyre Tubeless නම් ඒක fix කරගන්න එක ලොකු දෙයක් නෙවෙයි. Puncture kit එකේ තියෙන උපදෙස් කියවලා වැඩේ ගොඩ දාගන්න පුලුවන්. එහෙම වුණත් ඊළගට හම්බවෙන Station එකෙන් ටයර් වල පීඩනය බලා ගන්න. ඔබේ tyre එකේ tube එකක් තියෙනවා නම්, නොදන්න පළාතකදි හුළං ගියා නම්, ඊළග ගරාජ් එක හම්බවෙනකම් ඔබට Bike එක තල්ලු කරගෙන යන්න වෙනවා. එතකොට අමතක නොකර valve nut එක ටිකක් ලිහිල් කරන්න. නැත්නම් tube එකත් ඔබට මාරු කරන්න සිද්ධ වේවි.

02. බැටරි dead

 

 Bike Clutch cable

අතරමගදි ඔබේ Bike එක start නොවුණත් ඒ සමහර විට ඒ බැටරිය බැහැලා නිසා වෙන්න පුලුවන්. එහෙම වෙලාවකදී Self -start button එකක් තියෙන Bike එකක් නම් ආයෙත් පණ ගන්වන්න ක්රම කිහිපයක් තියෙනවා.

Jump cable එක මගින් Bike එක Start කරන්න Try එකක් දෙන්න පුලුවන්. අනිත් බැටරියේ ධන අග්රයට ඔබේ බැටරියේ ධන අග්රය සහ ඔබේ ඍන අග්රයට අනෙක් බැටරියේ ඍඉන අග්රය සම්බන්ධ කරලා Bike එක start කරගන්න පුලුවන්. හැබැයි ඊට පස්සේ ටික වෙලාවක් Engine එක start එකේම තියා ගන්න වෙනවා. ඒ අතරතුර බැටරිය ආරෝපණය වෙයි.
අවාසනාවකට ඔබට Jump Cable එකක් හොයා ගන්නත් බැරි වුණොත් මෙන්න මෙහෙම කරන්නත් පුලුවන්.

2nd Gear එකට දාලා clutch එක අල්ලගෙන සාමාන්ය වේගයක් ලැබෙනකම් කාට හරි තල්ලු කරන්න කියන්න. මේ වේගය හොදයි කියලා ඔබට හිතුණම එකවරම clutch එක අතහරින්න. පොඩි ගැස්සීමක් එක්ක Bike එක start වෙයි. ඒ එක්කම ආයෙත් පාරක් clutch එක අල්ලගෙන ඉන්ධන පාලකය නැත්නම් throttle එක කරකවන්න. එතකොට ඉන්ධන හොදින් Engine එකට ලැබෙන නිසා දිගටම ක්රියාත්මක තත්වයේ තියා ගන්න පුලුවන්.

03. සැපට දුකට clutch cable

 

 Bike Clutch cable

ගමන අතරතුර bike Clutch cable එක කැඩෙන එක නිතරම සිද්ධ වෙන්න පුලුවන් දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් මෙහෙම දෙයක් කොයි වෙලාවේ සිද්ධ වෙන්න පුලුවන්ද කියලා කවුරුත් දන්නේ නෑ. ගමනක් අතර තුර bike clutch cable එක කැඩුණොත්, ඔබ ළග අමතර bike clutch cable එකක් තිබුණොත් සහ ඒක හරි විදිහට දාගන්න ඔබ දන්නවා නම් ඒක ඔබේ වාසනාව. හැබැයි ඔබ ළග අමත cable එකකුත් නෑ, තිබුණත් ඒක දාන හැටි දන්නෙත් නෑ… එහෙම වුණොත් මොකද කරන්නේ.

හොදම දේ තමයි ළගම තියෙන ගරාජ් එකට bike එක තල්ලු කරගෙනම යන එක. හැබැයි ලග පාතක ගරාජ් එකක් නැත්නම් පොඩි වැඩක් කරන්න පුලුවන්. Clutch එක නැතුව gear මාරු කරන්න පුලුවන් විදිහක් තියෙනවා. හැබැයි ඒක හරිම සංයමයෙන් සියුම්ව කරන්න ඕනේ. වේගය ඉතාම අඩු කරලා ඉතාම සියුම්ව gear එක මාරු කරන්න පොඩු උත්සාහයක් දෙන්න. එතනදි හරීම පරිස්සමට ගියරය මාරු කරගන්න තැනක් ඔබට දැනේවි. හැබැයි මේ වැඩේ හරියටම කරගන්න බැරි වුනොත් gear box එකට බරපතල විදිහට හානි වෙනවා කියන එක අමතක කරන්න එපා.

මේ දේවල් කොයි මොහොතේ කොතනකදි සිද්ධ වේවිද කියලා අපිට කියන්න බැහැ. හැබැයි දැන් මෙහෙම දෙයක් සිද්ධ වුණොත් ඔබ මොනවද කරන්න ඕනේ කියලා මතක තියාගෙන ඉන්න එක ඇගට ගුණයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close