Maintenance

Bike battery ගැන ඔබ දැනගත යුතුම දේවල්.

Bike battery කියන්නේ Bike එකේ හදවත් වගේ. මුළු Bike එකටම බලය ලබා දෙන්නේ බැටරියෙන්. බැටරිය අවුල් ගියා කියන්නේ තල්ලු start තමයි. Bike පදින ගොඩක් අයට බැටරිය මතක් වෙන්නේ Bike එක start වෙන්නේ නැති වුණාම. එතකන් බැටරියක් තියේද නැද්ද දන්නේ නෑ ඔහේ පදිනවා.

Bike එක ආයුෂ වැඩි කර ගන්න නම් මෙන්න මේ කරුණු ටිකත් හොඳට මතක තියා ගන්න.

Bike වල වැඩියෙන්ම භාවිතා වෙන්නේ lead-acid battery. ඒවා කාණ්ඩ 3 ක් තියෙනවා. Flooded (wet cell), Gel, සහ Asorbed Glass Mat (AGM).

Flooded (wet cell)

liquid electrolyte තමයි wet cell වල අඩංගු වෙන්නේ ඒවා නිෂ්පාදනය කරන්න යන මූලික පිරිවැයත් අඩුයි. Flooded බැටරි සීල් කරලා නෑ. ඒ නිසා බැටරිය charge කරන්න බැටරි වතුර පුරවන්න විතරයි තියෙන්නේ. හැබැයි ඔබ බැටරියට බැටරි ජලය පුරවන්න පරක්කු වුනොත් බැටරියට හානි වෙන්න පුළුවන්. ඒ වගේම බැටරි cell වලට හානි වෙලා ඇසිඩ් කාන්දු වීම නිසා ලොකු විනාශයක් වෙන්නත් පුළුවන්.

ඔබ Bike එකෙත් තියෙන්නේ wet cell බැටරියක් නම් දිනපතා electrolyte level එක පරික්ෂා කරන්න ඕන. ඔබ සිටින්නේ උණුසුම් කාළගුණයක නම් හෝ අධික වේගයන් නිතර ධාවනයේ යෙදෙනවා නම් නිතර බැටරිය topped off කරන්න ඔබට සිද්ද වෙනවා. ඒ වගේම wet cell බැටරි වලට ඉතා හොඳ නඩත්තුවක් අවශ්‍ය වෙනවා. කිසිම වෙලාවක wet චෙල්ල් බැටරි වලට සාමාන්‍ය ජලය යොදන්න එපා. අනවශ්‍ය ඛනිජ නිසා බැටරියට හානි සිද්ද වෙන්න පුළුවන්. ඒ නිසා බැටරි වතුරම යොදන්න පුරුදු වෙන්න.

ඒ වගේමයි wet cell බැටරි වල cap ගැලවීමේදී ඇසිඩ් ඉවතට විසි නොවෙන්න වගබලා ගන්න. හදිසියෙත්ව ඇසිඩ් Bike එකේ වැටුනොත් Bike එකේ paint එකට සහ Cover එකට හානි වෙන්න පුළුවන්. ඒ වග්මේ අතමයි ඔබේ ඇසට වැටුනොත් අන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා රබර් අතාවරණ සහ ඇස් ආවරණ පළදින්න අමතක කරන්න එපා.

wet cell වල charge ලෙවෙල් එක hydrometer එකක් ආධාරයෙන් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බැටරිය 100% ක් charge වෙලා නම් 1.265 specific gravity එකක් පෙන්වනවා. ඒ ඒවගේම 75% charge වෙලත් 1.225 specific gravity එකකුත්, 50% ක් නම් 1.190 කුත්, 25% ක් නම් 1.190 කුත් hydrometer එකේ පෙනවනවා.

Gel Cells

මේ බැටරි එන්නේ සීල තියලා. ඝන electrolyte fluid එකක් තමයි භාවිතා වෙන්නේ. Gel බැටරියක් හඳුන්වාදීම, බලශක්ති බැටරි තාක්ෂණයේ පරිණාමයේ ඊළඟ පියවර විදියට හඳුන්වන්න පුළුවන්. හැබැයි AGM බැටරි ඉතා ඉක්මනින් එය අභිබවා ගියා. Gel batteries වලට සාමන්‍යයෙන් අඩු charging voltage එකක් තමයි ඕන. ඒ නිසා බැටරිය charge කරන්න කලින් බැටරියේ ගහලා තියෙන charging rates පරික්ෂා කරන්න මතක කරන්න එපා.

Asorbed Glass Mat (AGM)

bike battery sri lanka

AGM බැටරි කියන්නේ lead-acid බැටරි වල පරිණාමයක්. ෆයිබර්ග්ලාස් ආකාරයේ separator තමයි AGM බැටරි electrolyte ගබඩා කරන්න භාවිතා කරන්නේ. මෙම බැටරි ඉන්ධන සහ කම්පන ප්‍රතිරෝධියි. ඒ නිසා රළු මාර්ග වල, Off Road භාවිතය සඳහා වඩාත් සුදුසුයි. ඒ වගේම wet චෙල්ල් සහ Gel cell බැටරි වලට වඩා ආයු කාලයත් වැඩියි.

බැටරියේ තත්වය පරික්ෂා කරන්න හොඳ ක්‍රමයක් තමයි load tester එක. බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය වෙලා නම් tester එකේ විශාල ආරෝපනයක් පෙන්වනවා. බැටරියේ වෝල්ටීයතාව ඉක්මනින් ඉක්මණින් අඩු වුනොත් බැටරිය දුර්වල තත්වයක තියෙන්නේ. ශක්තිමත් බැටරියක නම් වෝල්ටීයතාව ඉතාම සෙමෙන් තමයි දු වෙන්නේ.

හොඳම බැටරිය

බැටරි සාමාන්‍යයෙන් මිල අධිකයි. ඒ නිසා බැටරියක් මාරු කරන්න කලින් හිතන්න ගොඩක් දේවල් තියෙනවා. මුලින්ම Load and charging system එක පරික්ෂා කර ගන්න. ඔබ භාවිතා කරපු Bike එකක් ගන්න යනවා නම් Bike එකට අවශ්‍ය කරන බැටරියේ ප්‍රමාණය සහ දැනට Bike එකේ තියෙන බැටරියේ ප්‍රමාණය දෙපාරක් බලන්න. මොකද සමහර වේලට ව්‍යාජ බැටරියක් යොදලා ඔබට Bike එක විකුනන්න පුළුවන්. බැටරිය සඳහා ලබා දෙන වගකීම් කාලය බැටරියේ ආයු කාලය තීරණය කරන්නා හොඳ සාධකයක්. ඒ වගේම ඔබ Bike එක දිගු කාලයක් භාවිතා කරන්න හිතා ගෙන ඉන්නවා නම් හොන්දම් බැටරිය දාන්න දෙපාරක් හිතන්න එපා.

බැටරිය dead ද?

bike battery sri lanka

බැටරියක් dead වුන පලියට මාරු කරන්න ඕන නෑ. බැටරි dead වීම් ආකාර දෙකක් තියෙනවා. එකක ස්ථිරව ස්ථිරව dead වීම, අනිත් එක තාවකාලිකව dead වීම. තාවකාලිකව dead වුන බැටරියක් recharge කරන්න පුළුවන්. බොහෝ යතුරු පැදි බැටරි සල්ෆේට මගින් විනාශ වෙනවා. ඒ වගේම plates වලට බලය රඳවා ගැනීමේ හැකියාවත් නැති වෙනවා. නමුත් සමහර වෙලාවට anti-sulfation බැටරි charge මඟින් ඒවා යතා තත්වයට පත් කරන්න පුළුවන්. හැබැයි එක තාවකාලිකයි.

Tags

Leave a Reply

Back to top button
Close
Close