Maintenance

Bike එකේ Modify නොකළ යුතු දේවල්

ගොඩාක් අය කැමතියි අනිත් අයගේ Bike එකට වඩා තමන්ගේ Bike එක කැපිලා පේනවට. ඒ නිසයි ගොඩාක් අය බොහොම ලාභෙට සහ සරලවම සමහර Modify කරනවා. ඒ අතර ගොඩාක් අය Bike එක ස්ටිකර් කරනවා. තවත් අය තමන්ගේ Bike එක වෙනසක් කරන්න අමතර උපාංග එකතු කරනවා. හැබැයි ගොඩක් අය නොදන්නා කාරණයක් තමයි අමතර උපාංග එකතු කරගැනීමෙන් බොහෝවිට බයික් එකේ වගකීම සහ සමහර රක්ෂණ ආයතන රක්ෂණය අවලංගු කරන අවස්ථා තියෙනවා.

ඔබ තවමත් ඔබේ යතුරු පැදියේ වෙනස් කිරීමට තීරණය කර තිබේ නම්, ඔබ වෙනස්කම් සිදුකිරීමට සැලසුම් කිරීමට පෙර වගකීම් කාලයෙන් පස්සේ තමන්ට අවශ්‍ය වෙනස් කිරීම් කරන එක ඇඟට ගුණයි. ඒ වගේම Bike එක නවීකරණය කිරීමේ ඉතා වැදගත් අංගයක් වන්නේ රටේ පවතින නීතියට අනුකූල වීමයි. ඔබ විසින් අදාළ රාජ්‍ය ආයතනවලින් අවශ්‍ය සියලු අවසරයන් ලබා ගැනීමට වග බලා ගත යුතුය. ඊට පස්සේ Bike එකක් නවීකරණය කරාට පස්සේ පාරේ යද්දී ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

බයික් එකේ පෙනුම වෙනස් කරනවා වගේම තමයි, බයික් එකේ කාර්යක්ෂමතාවයත් අපට ඕන විදිහට වෙනස් කරගන්නත් පුළුවන්. ඒ නිසා Bike Modify කිරීමේදී ඔබ සැලකිය යුතු දේවල් මොනවාද කියල අපි බලමු.

01. වැඩේ වැරදුනොත් අතර මඟ

 

Bike Modify
ආසන කුෂන් කිරීම වෙනස් කිරීමක් ඔබ කරනවා නම් Bike එක පදවන ඔබට අපහසුතාවයට නොවෙන්න ඕන. ඔබ හොඳ කුෂන් කිරීමක් සහ සම්මත ප්‍රමාණයන්ට ගැලපෙන කුෂන් කිරීමක් කලොත් ඒ ආසනයේ ඉඳගන යන එක බයික් එක පදින ඔබටත්, එහි පිටුපස ගමන්කරන කෙනාටත් පහසුවක් වෙනවා.

Handle Bar එක වෙනස් කිරීමේදී ඔබගේ බයික් එකේ සම්මත ප්‍රමාණයන්ට ගැලපෙන හැන්ඩ්ල් එක්ක පාවිච්චි කිරීමට වගබලාගන්න. මොකද බයික් එකට සමතුලිත Handle එකක් ඔබ භාවිතා කරනවා නම් එක ඔබට Bike පැදවීමේදී අපහසුතාවයක් වෙනවා.

02. මේක තමයි ලොකුම මෝඩකම

Bike Modify

හුඟක් අය කැමතියි බයික් එකේ එන Suspension, tyres සහ rim වෙනස් කරලා ටිකක් ලොකුවට සහ පෙනුමට තියෙන විදිහට වෙනස් කරගන්න. හැබැයි මේක තමයි ඔබ ගන්නා මෝඩම වෙනස් කිරීමේ තීරණය වෙන්නේ. බයික් එකේ සම්මත මිනුම් වලට සහ ඉන්ධන දහනය කරන ප්‍රමාණය තීරණය කරන්නේ මේ කොටස් වලින්. ඉතින් Bike එකට නියමිතව එන ප්‍රමාණයට වඩා ලොකු Suspension, tyres and wheels දැම්මොත් ඉන්ධන කාර්යක්ෂමතාවය ගොඩක් අඩු වෙනවා. ඒ නිසා වෙනස් කරගන්නම ඕනේ කියල හිතෙනවා නම් ඔබේ Bike එකට ගැලපෙනම Suspension, tyres and wheels කාර්මිකයෙකුගේ සහය ඇතුව තෝරාගෙන දාගන්න.

03 .සද්දේ වගේ නෙවෙයි මඟ නැවතුනොත්

Bike Modify

දැන් අපි කතා කරන්නේ ඔබ වෙනස් කරන්න බලාපොරොත්තු වෙන Lights, නලා සම්බන්ධයෙන්. ඔබේ Bike එකට අලුතෙන් මේ වගේ දේවල් සවිකරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබේ Bike එකේ තියෙන බැටරිය සහ එහි ධාරිතාවය ගැනත් ඔබ දැනුවත් වෙලා ඉන්න ඕන. මොකද අනවශ්‍ය ප්‍රමාණයේ Light, හෝන් ඔබ සවි කළොත් එතැනදී ඔබේ බැටරියට වගේම අලුතෙන් සවි කරපු උපකරණ වලට හානි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි Bike එකට අත්‍යවශ්‍ය කොටස් වලට විදුලිය සැපයෙන තැන් වලටත් අවශ්‍ය තරම් විදුලිය නොලැබී යන්න පුළුවන්. සමහර ශබ්ද දූෂණයට හේතු වෙන හෝන් වර්ග සහ රටේ තහනම් කර ඇති Light වර්ග භාවිතා නොකර ඉන්නත් වගබලාගන්න. හැමවෙලාවෙම සම්මත සහ පිළිගත් දේ භාවිතා කරන එක කෝකටත් හොඳයි.

04. එන්ජිමට අත තියන්නේ පරිස්සමට

ඔබේ Bike එකේ එන්ජිමේ වෙනස්කමක් කරනවා නම් අනිවාර්යෙන් කාර්මික උපදෙස් පිළිපදින්න පුරුදුවෙන්න. මොකද Bike එකේ එන්ජිම කියන්නේ ඔබේ හදවත වගේ දෙයක්. එය තුල තියෙන කාබියුරේටර්ය, ඉන්ජෙක්ටර්ය වගේ දේවල් ඔබ වෙනස් කරන්න ගියොත් එකෙන් Bike එකට වගේම පදින ඔබේ ආරක්ෂාවටත් බලපෑමක් වෙනවා. සම්පූර්ණයෙන් දැනුවත් බව සහතික කරගන්න. සජීවී අත්හදා බැලීමක් සිදු කිරීමට පෙරාතුව තාක්ෂණික කරුණු අධ්‍යනය කරන්න. එය ඔබේ මුදල් නාස්ති නොකරනවා පමණක් නොව, ඔබේ ආරක්ෂාව කෙරෙහිද බලපානවා.

ඉතින් සද්දේ දාලා, කැපිලා පෙන්න යන්න හිතාගෙන ඔබ Bike එකට කරන සමහර Modify නිසා සිද්ධ වෙන හානිය සමහර විට ගණන් හදන්නත් අමාරුයි. ඒ නිසා මිට පස්සේ හිතුනොත් Bike එක Modify කරන්න, ඊට කලින් ආයෙත් පාරක් මේ ලිපියේ තියෙන දේවල් මතක් කරලා බලන්න.

Tags

Leave a Reply

Back to top button
Close
Close