The Time Out

Bike එකේ Camping යමු

දැන් තියෙන අලුත්ම Trend එක තමයි Bike එකෙන් Travel කරන එක. ඒවගේම Camping යන්නත් කියාපුම වාහනේ තමයි Bike එක. මොකද ඕනෙම අස්සක් මුල්ලකින් පහසුවෙන් යන්න පුළුවන් නිසා. හැබැයි තාම ලංකාවට නම් Bike එකෙන් Camping යනවා කියන එක අලුත්. ඒ නිසා නොදන්නා අයට දැනගන්න Bike එකෙන් Camping යන හැටි අපි අද කියලා දෙනවා.

බඩු ටික Pack කර ගමු..

Bike එකෙන් Camping යද්දී ලට්ට ලොට්ට ගොඩක් අරගෙන යන්න බෑ. අවශ්‍යම දේවල් විතරයි ගෙනියන්න පුළුවන්. ඒ වගේම ඒ දේවල් Bike එකේ රැගෙන යන විදිය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔබ ගෙනියන බඩු අනුව Bike එකට ගැලපෙන Luggage එකක් තෝරා ගන්න ඕන.

Tankbag

Bike එකේ Camping යමු

Bike එකේ පෙට්‍රල් ටැංකියේ මේ වගේ Luggage එකක් සවි කර ගන්න ඔබට පුළුවන්. ඔබේ Travel Guide එක, Map එක, Sunglasses, කෑමට දෙයක් වගේ නිතර අවශ්‍ය වෙන කුඩා දේවල් ටිකක් ඔබට Tankbag එකේ දාගෙන යන්න පුළුවන්. ඒ නිසා Camping වලට යනවා නම් Bike එකේ Tankbag එකක් සවි කර ගන්න අමතක කරන්න එපා.

Drybag

Bike එකේ Camping යමු

Camping යන කෙනෙක්ගේ Bike එකේ Drybag එකක් අනිවාර්යෙන් තියෙන්නේ ඕන. මොකද Camping කරන්න ඕන බඩු දාගෙන යන්නේ Drybag එකේ. හොඳ වර්ගයේ Drybag එකකට වතුර කාන්දු වෙන්නේ නෑ. ඒ නිසා ඔබේ භාණ්ඩ, ඇඳුම් සහ ආහාර වැස්සෙන් ආරක්ෂා කර ගන්න පුළුවන්. ඒ ඇගේම Drybag එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. Bike එකේ සවි කරාම ඔබ කොපමණ වේගයෙන් ගියත්, Break කරත් Drybag එක ලේසියෙන් බිම වැටෙන්නේ නෑ.

Saddle Bags

Saddle Bags සාමාන්‍යයෙන් ලෙදර් හෝ Fabric වලින් තමයි නිපදවන්නේ. ඒ නිසා හොඳ සවි ශක්තියක් තියෙනවා. ඔබට බිඳෙන සුළු යමක් රැගෙන යන්න ඕන නම් Saddle Bags එකක් Bike එකට සවිකර ගන්න.

Panniers

Bike එකේ Camping යමු

සමහර Bike වලට මිලදී ගනිද්දීම ඒවාටම විශේෂ වුන Panniers එනවා. හැබැයි අනිත් Bike වලට නම් Standard එකක් අරගෙන සවි කර ගන්න වෙනවා. ලොකු සවි ශක්තියක් Panniers වල තියෙනවා. ඒ නිසා බය නැතුව ඔබේ Camera එක වුනත් දාගෙන යන්න පුළුවන්. ඒ වගේම Panniers Watertight නිසා සහ ලොක් කරන්න පුළුවන් නිසා Camping Site එකේ තියලා ඇවිදින්න යන්න වුනත් ඔබට පුළුවන්.

මොනවද අරගෙන යන්නේ?

ඊළඟට වැදගත්ම දේ තමයි අරගෙන යන්නේ මොනවද කියන එක. අනවශ්‍ය දේවල් අරගෙන යන්න බැරි නිසා අත්‍යවශ්‍යම දේවල් මොනවද කියලා හොඳට හොයලා බලන්න.

ඉවුම් පිහුම්

Camping ගියාම කඩෙන් කන්න බෑනේ. ඒ නිසා කන්න බොන්න සුළු දේවල් ටිකක් අරගෙන යන්න වෙනවා. භාජන, කෝප්ප, පිහියක්, Lighter එකක්, ක්ෂණික කෝපි සහ ක්ෂණික ආහාර.

ඇඳුම් පැළඳුම්

පුළුවන් තරම් අඩු ඇඳුම් ප්‍රමාණයක් අරගන්න. එතකොට ඔබේ Luggage එකට පටවන්න ඕන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම උණුසුම් ඇඳුම් අරගෙන යන්න අමතක කරන්න එපා. යට ඇඳුම්, පිහිනුම් ඇඳුමක්, අමතර ටී ෂර්ට් සහ කලිසම්, තුවායක්, විශේෂයෙන්ම ඉක්මනට සේදීමට අවශ්‍ය නොවන ඇඳුම් රැගෙන යන්න.

අඩුම කුඩුම

Bike එකේ Camping කරද්දී අනිවාර්යෙන් අරගෙන යන්න ඕන තවත් අඩුම කුඩුම ටිකක් තියෙනවා. ඒ තමයි Maps, travel guide, Touch එකක් පොතක් සහ පැන්සලක්. හදිසියෙවත් Bike එකේ ප්‍රශ්නයක් වුනොත් Repair කරන්න අවශ්‍ය Tools කිහිපයකුත් ගන්න. ඒ වගේම Bike එකක් Repair කරන්න ඕන තාක්ෂණික උපදෙස් සහිත පොතක් අරගෙන යන්නත් අමතක කරන්න එපා.

Camp එක ගහන්න ඕන කූඩාරමක් සහ Sleeping Bag එකකුත් අනිවාර්යෙන්ම ගන්න. ඔය සේරම අරගෙන යන්න ඕන Bike එකේ නේ. ඒ නිසා Bike driving license එක මතක ඇතුව දාගන්න. ඒ වගේම අවශ්‍ය මුදල් අරගෙන යන්නත් අමතක කරන්න එපා.

bike එකේ ආරක්ෂාව

Bike එකේ Camping යමු

Camping Site එකට ගියාම Bike එකේ ආරක්ෂාව ගැනත් විශේෂයෙන් හිතන්න ඕන. මොකද Bike එක දිහාම බලාගෙන ඉන්න බෑනේ. ඒ නිසා ශක්තිමත් දම්වැලක් සමඟ හොඳ Lock එකක් අරගෙන යන්න. එතකොට ඔබට පුළුවන් Camping Site එකේ ගහකට තියලා Bike එක Lock කරන්න.

Tags

Leave a Reply

Back to top button
Close
Close