The Time Out

Bike එකේ දුර ගමනක් යනකොට අමතක නොකර රැගෙන යායුතු දේවල් 5

ඉස්සර Trip එකක්, දුර ගමනක් යද්දී වාහනයක තමයි අනිවාර්යෙන්ම යන්නේ. හැබැයි අලුත්ම Trend එක තමයි Bike එකේ Tour යන එක. ඒ වුනත් කඩේට හන්දියට යනවා වගේ දුර ගමනක් යන්න බෑ. එහෙම ගියොත් නම් අතරමග තමා යන්න වෙන්නේ.

Bike එකේ දුර ගමනක් යද්දී ඒකට විශේෂයෙන්ම සූදානම් වෙන්න ඕන. ඒ වගේම අමතක නොකර අරගෙන යන්න ඕන උපාංග කිහිපයකුත් තියෙනවා. අද කියලා දෙන්න යන්නේ ඒ උපාංග මොනවාද කියලා.

Saddle & Tank Bags

Bike එකේ දුර ගමනක්
ඔබට දවස් කිහිපයක්ම ගමනේ යෙදෙනවා නම් ගමන් මලු කිහිපයක් අරගෙන යන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතිං Bike එක බර අරගෙන යන්න හදලා තියෙන වාහනයක් නම් නෙවෙයි. ඒ වගේම ගමන් මලු ඔබ කරේ එල්ලන් ගිය හොත් ඔබේ උරහිස් වලට පත්තු බඳින්න තමයි වෙන්නේ. බය වෙන්න එපා. ඒකට ඕනෑ තරම් විසඳුම් තියෙනවා.

ඔබේ භාණ්ඩ රැගෙන යා හැකි Saddle හෝ Tank Bag එකක් අරගන්න. මතක ඇතුව කාලගුණයට හොඳින් ඔරොත්තු දෙන Saddle හෝ Tank Bag එකක් අරගන්න.නැත්නම් ඔබ Saddle හෝ Tank Bag එකක් ගන්න එකෙනුත් වැඩක් නැති වෙයි. Saddle Bag වලට දෙපැත්තට සමාන බර යොදන්න අමතක කරන්න එපා. එතකොට ඔබට Bike එක Unbalance වෙන එක වලක්වා ගන්න පුළුවන්.

ගොඩක් Bike වලට ඒ සඳහාම නිර්මාණය කරපු Saddle සහ Tank Bag තියෙනවා. ඔබේ Bike එකට නිර්මණය කරපු Saddle හෝ Tank Bag එකක් මිල දී ගැනීමෙන් ඔබටත් Bike එකටත් වඩාත් පහසු වේවි.

Tank Bag එකේ ඔබට නිතරම අවශ්‍ය වෙන දේවල් දමාගෙන යන්න. හරියට ජංගම දුරකථනය, කැමරාව, පසුම්බිය, ලියකියවිලි, චොකලට් හෝ ඔබට කැමති ඕනෑම දෙයක්. Tank Bag ගොඩක් වෙලාවට Magnatic එකක් මඟින් තමයි Bike එකට සම්බන්ධ වෙන්නේ. හැබැයි ඔබේ Bike එකේ Fuel Tank එක Metal නෙවෙයි නම් Velcro mechanism මඟින් සම්බන්ධ වෙන Tank Bag එකක් මිලදී ගන්න පුළුවන්

එහෙම නැත්නම් Saddle Bag එකක් අරගෙන Bike එකේ දෙපැත්තේ එල්ල ගන්න පුළුවන්. ඒවා පහසුවෙන් Mount කරන්න වගේම ඉවත් කරන්න පුළුවන්.

Portable Air Pump & Puncture Repair Kit


දුර ගමනක් යද්දී Bike එකේ ටයර් එකේ පහසුවෙන් හුළං යන්න ඉඩ තියෙනවා. ඒ වගේම Tiyer Punch එකක් යන්නත් ගොඩක් ඉඩ තියෙනවා. වර්තමානයේ ගොඩක් Bike වලට tubeless tyres තියෙන්නේ. හැබැයි ඉතිං වාහන් වලට වගේ Bike වලට නම් spare tyres එන්නේ නෑ. ඒ නිසා දුර ගමනක් යද්දී puncture repair kit එකක් සහ a portable air pump එකක් අරගෙන යන එක ඉතාම වැදගත්.

ඔබේ Bike එකට electrical socket එකක් එනවා නම් walkman-sized electronic pump එකක් ළඟ තියා ගන්න.

Tools, basic spares and First-aid Kit

Bike එකේ දුර ගමනක්
සාමාන්‍යයෙන් ඔබ අලුතින් Bike එකක් මිලදී ගනිද්දිම tool and first-aid kit එකක් ලැබෙනවා. ඔබට එවැනි Kit එකක් ලැබිලා නැත්නම් එම උපාංග විකුණන කඩයකින් tool and first-aid kit එකක් අරගෙන ළඟ තියා ගන්න. ඒ සමඟම අතිරේක uses, bulbs, සහ cables අරගෙන යන්න.

අවශ්‍ය මුලික බෙහෙත් සහිත First-aid Kit එකක් අරගෙන යන එකත් ඉතම වැදගත්. මොකද හදිසි අවස්ථාවකදී වෛද්‍යවරයෙක් හෝ හෙදියක් ළඟ පාතක නැත්නම් ඔබටම ප්‍රථමාධාර කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙනත් කෙනෙක් මාර්ගයේ ඉන්න පුළුවන්. ඒ නිසා සම්පූර්ණ First-aid Kit එකක් අරගෙන යන්න.

Auxiliary headlamps


රාත්‍රී කාලයේදී ගමන් කරද්දී මාර්ගය පැහැදිලිව බලා ගන්න හොඳ ආලෝකයක් අවශ්‍ය වෙනවා. හැබැයි Bike එකක HeadLight එක රාත්‍රීයේදී ගමන් කරන්න මදි. මේකට තියෙන එක විසඳුමක් තමයි වැඩි ආලෝකයක් තියෙන HeadLight එකකට මාරු වෙන එක. හැබැයි එතැනදී Bike එකේ Electric System එකට හානියක් වෙන්න පුළුවන්.

එකට තියෙන හොඳ විසඳුම තමයි LED auxiliary headlamps. එයට ඉතාම කුඩා බලයක් මඟින් විශාල ආලෝකයක් නිපදවන්න පුළුවන්. LED auxiliary headlamps, අනිත් HeadLights වලට වඩා මාර්ගය පැහැදිලිව පෙන්වනවා.

Comfort Enhancing Accessories


දිගු ගමනක් Bike එකේ යද්දී සුව පහසුව ඉතාම වැදගත්. නැතනම් කෙටි වේලාවකින්ම ඔබට විඩාවක් දැනෙන්න පුළුවන්. ඒ නිසා Bike එක වඩාත් සැප පහසුව හදා ගන්න වෙනවා. එකට තමයි Comfort Enhancing Accessories තියෙන්නේ. සුව පහසු Seats එකක් ඊට ප්‍රධානයි. ඒ නිසා හොඳ කුෂන් එකක් තියෙන Seat එකක් Bike එකට දාගන්න අමතක කරන්න එපා.

ඒ වගේම සුවපහසු ජැකට් එකක්, ග්ලවුස් එකක්, මේ සියල්ලට අමතරව ඔබ හොඳ ශාරීරික හා මානසික සෞඛයකින් සිටීමත් වැදගත්.

Tags

Leave a Reply

Back to top button
Close
Close