The Time Out

Bike එකට ගැලපෙන Personality එකක් ඔබට තියෙනවද?

භාවිතා කරන Bike එක ඔබට නඩත්තු කිරීමේ හැකියාව තියෙන්න ඕන. රටටම ණය වෙලා ලොකු ලොකු Bike ගන්නේ නැතුව අතේ ඇති මුදලට ගැලපෙන Bike එක ගන්න ඕන.

ඒ වගේම තමයි ඉතිං ඔබ ඉහළ පෙළේ රැකියාවක් කරනවා නම් Scooter එකක් අරගෙන හරි යන්නේ නෑ. ඔබේ රැකියාවට ගැළපෙන විදියට Professional Bike එකක් ගන්න ඕන.

දැන් අපි කියලා දෙන්න යන්නේ ඔබේ Personality එකට ගැළපෙන Bike එකක් තෝරා ගන්න විදිය.

අනිත් අයගෙනුත් අහලා බලන්න.

Bike එකට ගැලපෙන Personality
දැනට Bike එකක් පාවිච්චි කරන අයගෙන් Bike එකේ හොඳ නරක ගැන අහලා දැන ගන්න. ඔවුන් ඊළඟට ගන්න බලාපොරොත්තු වෙන Bike එකේ තියෙන Features මොනවද කියලා අහන්න. ඒ සියල්ලම ලැයිස්තු ගත කර ගන්න.

Rider forums සහ Social Media වලිනුත් Bike Riders ලා ගේ අත්දැකීම් ගැන විස්තර ලබා ගන්න පුළුවන්. Bike මෝස්‌තර සහ වර්ග ගැන තියෙන Review Video බලන්න. ඒවා මඟින් Bike වල තියෙන හොඳ සහ නරක ඉගෙන ගන්න.

ශිෂ්‍යයින්ට හොඳම මොකක්ද?


සමහරු කැමති සති අන්තයේදී රාත්‍රී භෝජනයෙන් පස්සේ Bike එකේ නිදහසේ රවුමක් ගිහින් එන්න. ඒවගේ අයට ගැළපෙන Bike වර්ග ගොඩක් තියෙනවා. හැබැයි අලුතෙන්ම Bike පදින අයට ගැළපෙන Bike වර්ග කිහිපයක් තියෙනවා. Honda CB1100 Ex, Yamaha YZF-R3, Kawasaki Ninja 300, Honda CRF250L Rally and the Harley Davidson Sportster Iron 883 ඊට වඩාත්ම ගැළපෙන Bike විදියට හඳුන්වලා දෙන්න පුළුවන්.

අපක්ෂපාතී අදහස් කිහිපයක් ලබා ගන්න

Bike එකට ගැලපෙන Personality
Blog Post මඟින් Bike ගැන තාක්ෂණික තොරතුරු හොඳ හැටි ලබා ගන්න පුළුවන්. හැබැයි සමහර BIke සමහර දේශගුණික විපර්යාස, උන්නතාංශ වලට ගැළපෙන්නේ නෑ. Rider බලාපොරොත්තු වෙන Performens තියෙන Bike එක තෝරා ගැනීම ඉතාම වැදගත්. objective consumer reviews මඟින් ඔබට ගැළපෙන Bike එක තෝරා ගන්න පුළුවන්. එහෙම නැති වුනොත් නොගැළපෙන Bike එකක් අරගෙන පසුතැවෙන්න තමයි වෙන්නේ.

මාදිලියෙන් මාදිලිය සංසන්දනය කරන්න

Bike එකට ගැලපෙන Personality
විවිධ අලෙවි නියෝජිතයන් කිහිපදෙනෙකුට ගොස් ඔවුන් ලබා ගත හැකි විවිධ මාදිලියේ Bike ගැන තොරතුරු අහන්න. මතක තබා ගන්න, ඕනෑම අලෙවි නියෝජිතයකුගේ ඉලක්කය විකිණීම සිදු කිරීම නිසා අපක්ෂපාතී අදහස් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා තමයි කලින් කිව්වේ නියෝජිත ආයතනයකට යන්න කලින් තමන්ම හොයලා බලන්න කියලා.

බයිසිකලයක් විකිණීමේ උනන්දුවක් ඇති අයගෙන් විවිධ අදහස් ලබා ගන්න. බොහෝ දෙනෙක් තමුන්ගේ අපේක්ෂාවන්, අවශ්‍යතාවයන් හා පෞද්ගලික රසයන් ගැන මත පදනම්ව වාසි සහ අවාසි පිළිබඳව අවංක අදහස් පළ කරනවා.

Tags

Leave a Reply

Back to top button
Close
Close