The Time OutWhat's Hot

Biker.lk අවුරුදු තෑගි සාස්තරේ

ඔබට ලබන්නාවු අලුත් අවුරුද්දට කිරියෙන් පැණියෙන් ඉතිරෙන වැඩි වැඩියෙන බයික් එකේන් යාලුවොත් එක්ක ෆන් ගන්න ලැබෙන කිසිම අතුරු ආන්තරාවක් නැති සුපිරිම සුපිරි අලුත් අවුරුද්දක් වේවා කියලා Biker.lk එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.ඉතින් මේ බක් මහේ ලැබෙන නිවාඩුත් එක්ක නෑගම්,යාලුවොන්ගේ ගෙවල් වල යන එක සාමාන්‍ය දෙයක් නේ.

අත්දෙක වන වන නිකන් යන් නැතුව ගොඩක් වෙලාවට කේක්,කෙසෙල් හරි වෙන මොනව හරි තෑග්ගක් අරන් යන එකත් ඉතින් බොහොම සාමාන්‍ය දෙයක්නේ.හැබයි යන ගෙදර ඉන්නේ බයික් වලට පණවගේ ලව් කරන බයිකර් කෙනෙක් නම් ඔය කෙක් පෙට්ටි බිස්කට් පෙට්ටි ගෙනියන් නැතුව ජිවිතකාලෙටම මතක හිටින තැග්ගක් දෙන්න මෙ Biker.lk ගයිඩ් එක කියවන්න.

යුනිවර්සල් බයික් ෆෝන් මවුන්ට් හෝල්ඩර්

phone holder for motobikes

දැන් කාලේ ඉස්සර වගේ පාරවල් අහ අහ යන්න ඕනේ නෑනේ.ගූගල් මැප්ස් දාගත්තා ඕන තැනට ගියා.නැත්තන් යන්න ඕන තැන ලොකෙශන් එක ශේයාර් කරගත්තා බැලුව ගියා.හැබැයි වාහනේක වගේ බයික් එකේ යනකොට ෆෝන් එක එක අතකින් අරගෙන පාර බල බල යන්න විදියක් නැහැනේ.දැලි පිහියෙන කිරිකනවා වගේ එහෙම වැඩක් කරනවා නම් අනිවාර්යෙන්ම මේ අයිටම් එක පට්ට වැදගත්.

මොකද ෆෝන් එක බයික් එකේ ඉස්සර හැන්ඩ්ල්බාර් එකට කෙලින්ම සවි කරගන්න පුලුවන් මේ අයිටම් එකෙන්.ගොඩක් වෙලාවට ප්ලාස්ටික් වලින් හදන නිසා ආයෙ ආයේ ගලවන්න ඕනේත් නෑ.අව්වට වැස්සට උනත් එලකිරි වගේ ඔරොත්තු දෙනවා.මෙතන ක්ලික් කරලා ගූග්ල් සර්ච් රිසල්ට් වලින් කැමති වෙබ්සයිට් එකකින් ගන්න පුලුවන්

ටැක්ටිකල් මිලිටරි බයික් ග්ලව්ස්

motobike gloves

බයික් අනතුරකදී ඔබ බයික් එකෙන් විසිවෙලා ගියත් එකතැන වැටුනත් මුලින්ම නොහිතා කරන දෙයක් තමයි අත්දෙකෙන් සමබරතාව ගිලිහෙන එක නවත්වගන්න එක.මොකක් හරි අල්ලගෙන හරි බිම වැටෙනවා නම් පොලවට හරි අත්දෙක යන එක ඔටොම වෙනවනේ.හැබැයි බයික් එකේ වේගයත් එක්ක අවට වටපිටාවේ ස්භාවයත් එක්ක (උදාහරනයකට හිතන්න දවල්ට අව්වට පිච්චෙන්න රත්වෙලා තාරපාරක් ගැන)ඔබේ ශරීරයේ බව අත්දෙකට දෙනවා කියන්නේ ඉතින් ලෙලි ගිහිල්ලා තුවාල වෙලා බේරුනොත් ලොකුදෙයක්.

ඉතින් මේන්න මේකට තමයි දැන් දැන් ගොඩක් අපේ බයික් රයිඩර්ස්ලා මොටර් බයික් ග්ලවුස් පාවිච්චි කරන්නේ.මේ අවුරුද්දෙදී තමන්ගේ බයික්ර් සමීපතයන්ට කේක් බිස්කට් දීලා දියවැඩියාව හදනවට වඩා වටිනවා නේද මේ වගේ ග්ලව්ස් කට්ටලයක් තෑගි දෙන එක.බයිකර් ග්ලව්ස් සර්ච් එකට කෙලින්ම මෙතන ක්ලික් කරලා යන්න පුලුවන්

වෝටර්පෲෆ් මොටර්සයිකල් කවර්

waterproof motobike cover

බයික් එක මොකක් උනත් ඇතුලක පාර්ක් කරත් එලියක පාර්ක් කරත් ඕනේම බයික් එකකට දූවීලි,මඩ,වැස්සෙන්,හිරුඑලියෙන් වෙන්න පුලුවන් හානිය අවම කරගන්න හොඳම ක්‍රමය තමයි මොටර් බයික් කවර් එකකින් හරියට වහන එක.හැබයි මේ කතාකරන්නේ නිකන් ටෙන්ට් රෙද්දකින් බයික් එක කවර් කරන එකට නම් නෙමෙයි.හොඳ මොටර් බයික් කවර් එකක් නම් එකෙන් කිසිම විදියකින් ඇතුලට ජලය කාන්දු වෙන්න බෑ.දැනට වෙළඳපොලේ ගන්න තියෙන ගොඩක් කවර වලින් ජලය වාශ්ප ආකරයට ඇතුලට එන නිසා කවර් එකේ මැටිරියල් එක හරියට බලලා ගන්න.කවර් ගන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න

හෙල්මට් කමියුනිකේෂන් සිස්ටම්

මේ තෑග්ග නම් ගොඩක් වටිනවා නිතරම පාරේ ඉන්න බයිකර්ස්ලට එ වගේම මිලත් පොඩ්ඩක් වැඩි.ගොඩක් අපේ බයිකර්ස්ලා තමන්ට කෝල් එකක් ආව ගමන් කරන්නේ ෆෝන් එක හෙල්මට් එක අස්සෙන් කනට හිරවෙන්න ගහගන්න එකනේ.ඉතින් කෝල් එක කට් උනත් ෆෝන් එක එතනමයි.බොහොම පොඩි පිරිසක් තමයි බයික් එක නවත්වලා ඇමතුම ගන්නේ.

ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් තමයි හෙල්මට් එකට සෙට් කරගන්න පුලුවන් බ්ලුටූත් හෙඩ්සෙට් එකක් පාවිච්චි කරන එක.ඉතින් එහෙම කෙනෙක්ගේ ගෙදර අවුරුදුදා යනවා නම් මෙන්න අරන් යන්න ඕනේ තෑග්ග.හේල්මට් එක ට සෙට් වෙන බ්ලූටූත් හෙඩ්සෙට් එකේ ගාන වැඩි නම් නොමල් හෙඩ්සෙට් නම් දැන් ලංකාවෙත් ඕනේම ෆෝන් කඩේක අඩු මිලකට විකුනන්න තියෙනව.වෙබ්සයිට් එකකින් ගෙන්න ගන්න ඕනේ නම් මෙන්න ක්ලික් කරන්න ඕන ලින්ක් එක

ලෝක් සිස්ටම් එකක්.

anti theft system motobike

බයිකර් කෙනෙක් තමන් පන වගේ ආදරය කරන බයික් එක කවුරු හරි හොරකම් කරනවා කියන්නේ දරාගන්න අමාරුම දෙයක්. ඉතින් එක නවත්වන්න පුලුවන් ඩිස්ක් ලොක් සිස්ටම් එකක් හරි හැන්ඩ්ල් බාර් ලෝක් එකක් හරි තියෙනවා නම්.ඉතින් පොඩ්ඩක් වියම් කරන්න පුලුවන් කෙනෙක් නම් අවුරුද්දට දෙන්න පුලුවන් හොඳම තෑග්ගක් තමයි මේක.ලින්ක් එකට යන්න මෙතන ක්ලික් කරන්න

බෝනස් ටිප් එක

අවුරුද්දට නෑගම් යන ගෙදර තියෙන්නෙ ඔබේ බයික් එක, Honda Dio එකක්ද? Hero Pleasure එකක්ද?Honda Navy එකක්ද?Hero Dash එකක්ද?Yamaha Ray එකක්ද?නැත්තන් Hero Maestro Edgeඑකක්ද?

ඔය උඩ කිව්ව බයික් සෙට් එකෙන් එකක් නම් තක්කෙටම හරියන ටයර් එකක් දැන් අපේම DSI හදනවා. එ ටයර් එකේ නම DSI GenX ස්කූටර් ටයර්.මේක එසේ මෙසේ ඔය දෙකයි පනහට ගන්න තියෙන බාල ටයර් වගේ නෙමෙයි සුපිරි කොලිටියෙන් නියම තත්ව පරීක්ශාවක් යටතේ ලංකාවේ අපේ පාරවල් වලටම ගැලපෙන අලුත් ෆීච්ර් එහෙම එකතු කරලා තමයි හදලා තියෙන්නේ.තැග්ගක් විදියට DSI GenX ටයර් දෙකක් දෙන්න පුලුවන් නම් වටිනව.එහෙම දෙන්න විදියක නැත්තන් අඩුම ගානේ එ බයික්ර් ව දැනුවත් කරන්න මේන්න වැඩි විස්තර ටික.

විශේෂම දේ රෑ කාලේ බයික් එකේ ගමන් බිමන් යනවා නම් අනතුරු අඩු කරලා ඔබව ආරක්ශා කරන්න මේ ටයර් වල නියෝන් රිෆ්ලෙක්ටිව් ටේප් එකකුත් තියෙනවා.කොහොමද ඒක… ඊට අමතරව වැඩි වේගයකදී,වංගු වංගුවකදී,තෙත් සහිත කාලගුනයකදී කිසිම අවුලක් නැතුව සුවපහසුවෙන් ඔබේ ගමන යන්න පුලුවන් මේ DSI GenX ටයර් එක නිසා.

ඉතින් මීට අමතරව තව තෑගි අයිටම් තියෙනවා නම් අපේ පොස්ට් එකේ කමෙන්ට් කරන්න.මේ වගේ තැග්ගක් ලැබෙන්න ඉතින් ගෙදරට එන අය කලින්ම දැනුවත් කරන්න ඕනේ නිසා එගොල්ලන්ට පෙන්න හොඳ කැප්ශන් එකක් දාලා මේ ලිපිය ශේයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Tags

Leave a Reply

Back to top button
Close
Close