The Time Out

ත්‍රාසජනක ගමන්වලදී වළක්වාගත යුතු වැරදි

Bret Tkacs කියලා කියන්නේ වෘත්තීමය මෝටර් බයිසිකල් ධාවන උපදේශකවරයෙක්. මෙයා වැඩියෙන්ම ප්‍රසිද්ධ ත්‍රාසජනක බයික් ගමන් වලට. එයාගේ උපදේශන වැඩසටහන් වලින් පස්සේ Bret Tkacs ගාවට ඉගෙනගන්න එන්න ළමයි නිතර නිතර කරන වැරදි කිහිපයක් සහ ඒවා වළක්වගන්න විදිය මොහු බෙදාහදාගත්තා. ඔයත් ත්‍රාසජනක එහෙම නැත්නම් ඕෆ් රෝඩ් බයික් රයිඩ්වල යන කෙනෙක් නම් මේ උපදෙස් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි

.01. ටයර්වල හුළං අඩු කරන්න එපා!

4X4 ධාවන තරඟ වල ගොඩක් ධාවකයින් කරන දෙයක් තමයි වැඩි ඝර්ෂණයක් ලබාගන්න ටයර් වල හුළං ටිකක් බස්සන එක. හැබැයි මෝටර්බයික් වලට මේ වැඩේ හරියන්නේ නැහැ. ත්‍රාසජනක ගමන් වලටම විශේෂ උන බයික් සාමාන්‍ය බයික් වලට වඩා බරෙන් වැඩියි. ඒ වගේමයි ගමනට ඕන බඩු බාහුරාදියත් බයිසිකලය දරාගෙන යන්න ඕනේ. මේ සම්පූර්ණ බරම උස්සගෙන සාමාන්‍ය විදියට යන්න නම් ටයර් එකේ සම්මත වායු පීඩනය උවමනා වෙනවා. පැච් එකක් එහෙම නැත්නම ටයර් පන්ච් එකක් වෙන්නේ නැතිවෙන්නත් මේ වායු පීඩනය අත්‍යවශ්‍ය වෙනවා. උල් සහිත ගල් ගොඩක යන වෙලාවට, ලොකු උසක් ඉඳන් වැලි ගොඩකට පතිත වෙන්න වෙන වෙලාවට වගේ නම් හුළං අඩු කරාට ප්‍රශ්නයක් නැහැ. ඒත් පුලුවන් ඉක්මනට ආයෙත් හුළං සාමාන්‍ය තත්ත්වයට වැඩි කරන්න වග බලාගන්න.

02. ඉස්සරහ බ්‍රේක් පාවිච්චි කරන්න.

බයික් පදින්න විශේෂයෙන්ම ඉගෙන ගන්න අයට ඕනම උපදේශකයෙක් කියන දෙයක් තමයි පේමන්ට් වල, දූවිලි පොළොවේ වගේ තැන්වල පිටිපස්සේ බ්‍රේක් වැඩියෙන් පාවිච්චි කරන්න කියන එක. මොකද එකපාර ඉස්සරහ බ්‍රේක් ගැහුවොත් අනතුරු වෙන්න ඉඩ වැඩියි. දූවිලි මතුපිටක උනත් ඔයා ඉස්සරහ බ්‍රේක් අමතක කරන්න එපා. මොකද බයික් එක නවතින්න වැඩිම පවර් එකක් එන්නේ ඉස්සරහ බ්‍රේක් වලින්. රහස තමයි ඉස්සරහ බ්‍රේක් වලින් බයික් එක නවත්තන ගමන් පිටිපස්සේ බ්‍රේක් වලින් බයික් එක පාලනය කරගෙන ස්ථාවර කරගන්න එක.

03. ග්‍රිප් එක ටිකක් ලිහිල් කරගන්න.

උඩ ගිහින් බිම එන, බවුන්ස් වෙන වෙලාවට අපි ස්වභාවිකවම පුලුවන් තරම් හයියෙන්, තදට බයික් එක අල්ලගන්නවා. හැබැයි කරන්න ඕනේ ඒකෙ අනිත් පැත්ත. විශේෂයෙන්ම ඇඩ්වේන්චර් බයික් වලට යම්තාක් දුරට බයික් එකට ඕන විදියට හැසිරෙන්න දෙන්න ඕනේ. මොකද මේ බයික් වලට ඇඩ්වේන්චර් බයික් කියලා කියන්නේ හේතුවක් ඇතුව. ඔයා මේ දේවල්වලට අලුත් නම් එක පාරම එහෙම කරන්න යන්න එපා. එහෙම කෙනෙක් නෙමෙයි නම් ඔයා ඕනවට වඩා කලබල වෙන්නේ නැතුව බයික් එකටත් වගකීමෙන් කොටසක් බාර දෙන්න.

04. අමාරුම හරියෙදි හිටගන්න.

ගමන් කරන පාරේ තියෙන කඳු පල්ලම්, ගල් වගේ දේවල් වැඩි වෙද්දී බයික් එකේ හිටගෙන යනවා නම් වඩාත් හොඳින් බයික් එක හැන්ඩ්ල් කරගන්න පුලුවන්. බයික් එකේ වාඩි වෙලා යන එක තමයි ලේසිම විදිය. ඒත් හිටගෙන යන එක මුලින් මුලින් අමාරු උනාට දුෂ්කර තැන්වලදි බයික් එකට වඩා පහසුවෙන් බාධක තරණය කරන්න පුලුවන් වෙනවා. විශේෂයෙන්ම ඔයා සීට් එකට නැතුව පැඩ්ල් වලට බර දීලා ඉන්නකොට බවුන්ස් වෙන තැන්වලදි බයික් එකටයි ඔයාටයි දෙන්නටම ලේසියි.

05. ඉස්සරහට නැමිලා වාඩි වෙන්න.

ෆ්ලැට් පාරක නම් සීට් එකේ හොඳට හරිබරි ගැහිලා වාඩි වෙලා යද්දි ඔයාගේ ශක්තිය ඉතුරු වෙනවා තමයි. ඒත් ඔයා ඇඩ්වේන්චර් ගමන් යද්දි වැඩේ පොඩ්ඩක් වෙනස් වෙනවා. මේ වගේ ගමන් වලටම හදපු බයික් වල සීට් එක ඩිසයින් කරලම තියෙන්නේ ඉස්සරහට ටිකක් නැමිලා හැන්ඩ්ල් එක අල්ලන්න වෙන විදියට. එහෙම බයික් එකක් නෙමෙයි නම් ඔයා ටිකක් ඉස්සරහට බර වෙලා තමයි බයික් එක පදින්න ඕනේ. එතකොට ඔයාගේ බර පාලනය කරගන්න බයික් එකට ලේසියි. ඇඟේ පතේ හිරි ඇරගන්න ඕනේ නම් පොඩ්ඩක් හිටගෙන ආයෙත් වාඩි වෙන්න පුලුවන්.

06. උඩ බලන්න, කෙළින් බලන්න!

ඕනම බයික් එකක් පදිද්දි මම ඉගෙනගත්තු දෙයක් තමයි ළඟ පහළ බලන්නේ නැතුව කෙළින් ඉස්සරහ බලන එක. බයික් එක මොනව උඩින් යයිද මොනව පෑගෙයිද කියල ළඟ පහළ බලන එක ස්වභාවිකයි. ඒත් එහෙම බලද්දි ඊට වඩා ඉස්සරහින් තියෙන අනතුරුදායක දේවල් මඟ ඇරෙනවා.

07. පුලුවන් තරම් සැහැල්ලු විදියට බඩු අසුරගන්න.

සාමාන්‍යයෙන් අපි කියන්නේ ගැහැණු කෙනෙක් පොඩි ගමනක් යන්න උනත් සුමාන ගාණකට රට යන්න වගේ බඩු පැක් කරගන්නවා කියලා නේ. හැබැයි ඇඩ්වේන්චර් රයිඩර්ස්ලත් ගැහැණු පිරිමි භේදයකින් තොරව ගමනක් යද්දී උවමනා ප්‍රමාණයට වඩා බඩු පැක් කරගන්නවා. බර වැඩි වෙන්න වෙන්න පදින කෙනාට අමාරු වෙනවා වගේම බයික් එකේ පර්ෆෝමන්සුත් අඩු වෙනවා. ඉතින් මගේ උපදෙස තමයි ඇඩ්වේන්චර් ‍රයිඩ් එකක් යද්දි කරදරයක් නැතුව බේරිලා ඉන්න ඕනේ දේවල් විතරක්ම අරන් යන්න. 

08. ටිකක් ට්‍රේන් කරන්න.

බයික් එක අලුත්වැඩියා කරන්න සමහර අය ලොකු ගණන් වියදම් කරනවා. ලෝකේ තියෙන හොඳම සස්පෙන්ශන්ස් දැම්මත් වැඩක් නැහැ බයික් එක පැදලා පුරුදු නැත්නම්. ඒක නිසා බයික් එක මොඩිෆයි කරන ගමන්ම ටිකක් අමාරු තැන්වල යන්නත් පුරුදු වෙන්න. එක පාර ලෝකේ තියෙන අමාරුම පාරේ යන්න හදන්නේ නැතුව ටික ටික අමාරු පාරවල්වල ගිහින් පුරුදු වෙන්නත් කාලය වෙන් කරන්න.

Back to top button
Close
Close