Maintenance

ක්ලච් කේබල් ඇජස්ට් කරන්නේ කොහොමද?

ඔබේ බයික් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔබ හිතන් ඉන්නවා නම්, බයික් එකේ මේන්ටේනන්ස්/ නඩත්තු කිරීම් හරියටම කළ යුතුයි. පරණ වුණු, හානි වුණු හෝ අකාර්යක්ෂම කොටස් ‍රිප්ලේස් කරන්නත් වෙන වෙලාවල් තියෙනවා. ඔබේ බයික් එකේ ස්ටෑන්ඩර්ඩ් ක්ලච් කේබලයක් නම් තිබෙන්නේ, නිසි ආතතිය (tension) හා ලිහිසි කිරීම (lubrication) පවත්වා ගැනීම කළ යුතුයි. වාසනාවකට වගේ ක්ලච් කේබල් එකක් ඇජස්ට් කිරීම ඔබ හිතන තරම් අමාරු නැහැ.

සමහර අලුත් මෝටර්බයික් වල හයිඩ්‍රොලික් ක්ලචස් තියෙනවා. ඔබේ බයික් එකත් එහෙම බයික් එකක් නම් මේ ලිපිය ඔබට එතරම් උපකාරී වෙන එකක් නැහැ.

  • ක්ලච් කේබල් එක ඇජස්ට් කළ යුත්තේ ඇයි?

ක්ලච් කේබල් එක ඇජස්ට් කරන්නේ කොහොමද කියලා කියන්නට කලින්, බයික් එකේ ක්ලච් කේබලය නිසි ලෙස ඇජස්ට් කර ගැනීම වැදගත් වන්නේ ඇයි කියන එක ගැන අපි කතා කරමු. සරලවම කියනවා නම් ඔබේ බයික් එකේ ක්ලච් නිර්මාණය වෙලා තියෙන්නේ ඒවා ගෙවී යන ආකාරයටයි. ඔබ ඒ ගැන විමසිල්ලෙන් සිටියේ නැත්නම්, ඔබට ලිස්සා යාමේ/ ස්ලිප් වීමේ අත්දැකීම් අත්විඳින්න වෙන්න පුලුවන්. වැඩි වේගයන්වලට ළඟා වෙන්න උත්සාහ කරන විට හෝ හැන්ඩ්ල් එක හසුරුවන විට නුපුරුදු අත්දැකීම් ඇති වෙන්න මේ  ක්ලච් ස්ලිප් හේතු වෙනවා.

බයිසිකලයේ ක්ලච් පද්ධතිය තුළ, තහඩු මාලාවක් (a plate series) තිබෙනවා. ඔබ ක්ලච් සහ ඩික්ලච් කරන විට, මෙම තහඩු හිරවීමක් වෙන්න පුලුවන්. මේ විදියට මේ ප්ලේට්ස් සිහින්/ තුනී වෙනවා. තහඩු තුනී වෙන තරමටම, එක් එක් තහඩු අතර දුර වැඩි වෙනවා.

ඔබේ බයික් එකේ හිමිකරුගේ අත්පොත (owners manual) මඟින් මේ ප්ලේට් අතර කොපමණ දුරක් තිබිය යුතු දැයි සඳහන් වෙනවා. මේ අතර ඕනෑවට වඩා දුරක් තිබෙනවා නම් සහ ස්ලිප් වීමක් වළක්වා ගැනීමට අවශ්‍ය නම්, ක්ලච් කේබල් හා සම්බන්ධ බයික් කොටස් ඇජස්ට් කිරීමට ඔබට සිදු වෙනවා. එනම්, ඔබේ ක්ලච් කේබලය ඇජස්ට් කිරීමෙන්, ක්ලච් ප්ලේට්ස් එකිනෙකට ළං කරවනවා. මෙය ඔබගේ බයික් එකේ ක්ලච් එක සම්පූර්ණයෙන්ම එන්ගේජ් වීමට ඉඩ ලබාදෙනවා.

  • ක්ලච් එක ස්ලිප් වූ විට මොකක්ද වෙන්නේ?

යතුරුපැදි ක්ලච් ඇජස්ට් කිරීමේ මූලිකම අරමුණ වෙන්නේ ක්ලච් ස්ලිප් වීමෙන් වළක්වා ගැනීමයි. ස්ලිප් වීම/ ලිස්සා යාම මෙතරම් නරක ඇයි? ඔබේ බයික් එකේ ක්ලච් එක එන්ගේජ් කරන වන විට, එන්ජිමේ සිට රෝද වෙත බලය මාරුවෙනවා. බල හුවමාරුව මඟින් සාමාන්‍ය හා ආක්‍රමණශීලී ධාවන විලාසයක් අනුගමනය කරන්න හැකියාව ලැබෙනවා.

ක්ලච් එක ලිස්සා යන විට, ඔබේ බයිසිකලයේ බලය ප්‍රමාද වීමක් (power lag) සිදුවෙනවා. ඔබ ඉක්මණින් වේගවත් කිරීමට උත්සාහ කරනවා නම්, බයිසිකලයට ඔබගේ වුවමනාව සපුරාලීමට බැරි වෙනවා. ඊටත් වඩා භයානක දේ තමයි, ඔබ ක්ලච් ස්ලිප් වීමක් නොසලකා හැරීමෙන් කරන්නේ දිගුකාලීන කරදර වලට දොරටු විවර කිරීමක්. ලිස්සා යන ක්ලච් එකක් මඟින් ඔබේ ක්ලච් කේබලය සහ ප්ලේට්ස්වල ආයුකාලය අනවශ්‍ය විදියට කෙටි කරනවා. ඉතින් ඔබේ බයික් එකේ කන්ඩිශන්ස්, වටිනාකම සහ පර්ෆෝමන්ස් ආරක්ෂා කර ගැනීමට ඔබට අවශ්‍ය නම්, හැකි ඉක්මනින් මේ දේ සකස් කරගන්න.

  • බයික් එකක ක්ලච් කේබල් ඇජසට් කරන්නේ කොහොමද?

වෘත්තීය මට්ටමේ ටූල්ස් සඳහා ආයෝජනය නොකර ඔබට මේ කාර්යය නිවැරදිව කරගන්න පුලුවන්. ඇත්තටම ඔබට බයික් එකේ ක්ලච් කේබල් එක ඇජස්ට් කරගැනීමට වුවමනා වෙන්නේ රෙන්ච් (wrench) එකක් විතරයි.

ක්ලච් කේබලය ඇජස්ට් කරන්න කලින්, ඔබ එය සොයාගත යුතුයි. සාමාන්‍යයෙන් නම් මෙය සොයා ගැනීම පහසු වැඩක්. ක්ලච් කේබල් එක සොයාගැනීමට අපහසු නම් බයික් එකේ හිමිකරු අත්පොත (owners manual) බැලුවොත් මේ කටයුත්ත පහසු වෙයි. එහෙම නැත්නම් OEM රූප සටහනක් බැලීමෙන් බයික් එකේ ක්ලච් සිස්ටම් එක ගැන අවබෝධයක් ලබාගන්න ඔබට පුලුවන්.


ඔබේ යතුරුපැදියේ ක්ලච් කේබල් එක රබර් හෝ ප්ලාස්ටික් කොපුවක් මඟින් ආරක්ෂා වී තිබෙනවා. බොහෝ බයික් වල, මේ කොපුව කළු පාටයි, නමුත් ඔබේ බයික් එකේ ක්ලච් කේබල් කොපුවේ වර්ණය වෙනස් වර්ණයක් වෙන්න පුලුවන්. ඔබේ ක්ලච් කේබලය ඇජස්ට් කිරීමට ඔබට අවශ්‍ය වූ විට, ඔබට ටිකක් වෙනස් විදියට හිතුන්න වෙනවා. සරලවම කියනවා නම් ඔබ පිටත කොපුව කෙටි කරන විට, ඇතුළත කේබලය දිගු වෙනවා.

ක්ලච් කේබලයේ කොපුවට ඇජස්ටර්ස් දෙකක් තියෙනවා වගේම තමයි ඒවා දෙපස පිහිටා තියෙනවා. ඔබේ කේබලය දිගු කිරීම සඳහා, ඉහළ කෙළවරේ ඇති ඇජස්ටර් භාවිතා කරමින් කොපුව කෙටි කර වැඩේ පටන්ගන්න. බයික් එකේ ලීවරය අසල ඇති ඇජස්ටර්ස් කරකැවීමෙන් පළමු එන්ඩ් එක, ඔබේ අත පමණක් භාවිතා කර සකසා ගන්න ඔබට හැකියාව තියෙනවා. ඔබගේ බයික් එකේ ක්ලච් කේබලය දීර්ඝ කිරීම සඳහා ඇජස්ටර් එක හරවන්න.

මෝටර්බයිසිකලයේ ටොප් ඇජස්ටර් එක හැරවීම මඟින් ක්ලච් සිස්ටම් එක හරිම ලෙවල් එකට පවත්වා ගෙන යන්න තරම් ලිහිල් කිරීමක් ලබාගන්න බැරි වෙන්න පුලුවන්. එහෙම වුණොත්, බොහෝ විට ලොවර් එන්ඩ් ‍එකද ඇජස්ට් කළ යුතුයි. එය සිදු කිරීමට බොහෝ විට රෙන්ච් (wrench) එකක් අවශ්‍ය වෙනවා. කෙළවර ඉවත් කළ පසු, කොපුව තුළ ඇති කේබලය දැකගත හැකි වෙනවා. අභ්‍යන්තර කේබල් එක දිගු කිරීම සඳහා ඇජස්ටර් එක කරකවන්න.

ක්ලච් කේබලය දිගු කළ පසු, කේබලය සවිකර තබා සිටින නට් නැවත සවි කිරීමෙන් කේබල් එක සහ කොපුව ඔබේ බයිසිකලයට නැවත සම්බන්ධ කරන්න. ඉන්පසු ක්ලච් එක වඩා හොඳින් ක්‍රියාත්මක වේදැයි පරීක්ෂා කරන්න. ඔබේ ක්ලච් එක ඇජසට් කරන විට කොපුවට හෝ කේබලයට හානිවන බවක් දුටුවහොත්, ක්ලච් කේබල් එකක් අලුතෙන්ම රිප්ලේස් කරන්න වෙන්න ඉඩකඩත් තියෙනවා.

මේ කරුණු වගේම ඊලඟ මතක් කිරීම තමයි ඔබ මොන විදියට ක්ලච්, බ්‍රේක් , ලයිට් දාගෙන ධාවනය කරත් වැඩක් නෑ පාරත්, ඔබේ බයික් එකත් එකිනෙකට සම්බන්ධ කරන ටයර් දෙක නිවැරදි ප්‍රමිතියට, අපේ රටේ පාරවල් වලට ගැලපෙන්නේ නැත්තන්. උදාහරණයක් විදියට හිතන්න ඔබ ලෝකේ තියෙන හොඳම අංග උපාංග දාලා බයික් එක හදලා අපේ රටේ පාරවල් වලට ගැලපෙන්නේ නැති , බයික් එකටත් ගැලපෙන්නේ නැති ටයර් දෙකක් දාගෙන යනවා කියල. එකෙන් අනතුරක් වෙන්න පුලුවන් සම්භාවිතාව වැඩි වෙනවා වගේම අනෙක් අංග උපාංග ඉක්මනින් ගෙවීම්, කැඩීම්, වැනි දේවල් වෙන්න පුලුවන්.

මේ නිසා අනිවාර්යෙන්ම බයික් එකේ ටයර් දෙක තෝරන කොට එ ගැන 200% සැලකිලිමත් වෙන්න. biker.lk  අපිට නම් අපෙ රටේ නිශ්පාදනය කරන , අපේ පාරවල් ගැන හොඳටම දන්න DSI ටයර් තමයි. අනෙක් නානාවිධ ටයර් වර්ග වලට වඩා DSI  ටයර් වල රාත්‍රී කාලයෙදී ආරක්ෂාව වැඩි කරන්න නියෝන් ඉෆේක්ට් එක තියෙන එකත් තව වාසියක්. ඉතින් එ ගැනත් අවධානය යොමු කරන්න කියල මතක් කරන ගමන් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබට ජය!

 

Back to top button
Close
Close