The Time Out

2nd Hand Scooter නිවැරදිව මිලදී ගන්න විදිය

කොහොමද වැඩේ කරන්නේ?

අලුත්ම බ්‍රැන්ඩ් නිව් ස්කූටර් එකක් ගන්න හැමෝටම චාන්ස් නෑනේ.ඉතින් අපේ second hand scooter ගන්නවා කියන්නේ ඉතින් ලොකුදෙයක් තමයි.හැබැයි අලුත් එකක් ගන්නවට වඩා කාලයක් තවකෙනෙක් පාවිච්චි කරපු second hand scooter එකක් ගන්න කොට නම් දෙපාරක් නෙමෙයි තුන්හතර පාරක් එ ගැන හරියටම දැනගෙන හොඳට හොයලා බලලා ගන්න ඕනේ.නැත්තන් ඉතින් හැමදාම ගැරැජ් අස්සේ තමයි ඉන්න වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

biker.lk එකෙන් අද මේ දෙන ටිප්ස් වලින් හරියටම කොහොමද second hand scooter එකක් ගන්නේ කොහොමද කියලා හොඳ අයිඩියා එකක් ගන්න පුලුවන්වෙයි.

 

මොඩ්ල් එක මොකක්ද?

මොන ස්කූටර් එකක් ගන්න ගියත් කරන්න ඕනේ පලවෙනිදේ තමන්ට ගැලපෙන මොඩ්ල් එක හොයාගන්න එක.හරියටම එකක් දැක්ක ගමන් තීරනය කරන්නේ නැතුව ස්කූටර් තියෙන යාලුවන්ගෙන් විස්තර දැනගෙන,ස්කූටර් ගැන තියෙන රිවිව්ස් එහෙම බලලා ගන්න යන මොඩ්ල් එක ගැන හරි තීරනේකට එන්න.එතනදී පාට්ස් වල ගණන්,ඉන්ධන කාර්යක්ශම බව,ලෙහෙසියෙන් සර්විස් කරන්න පුලුවන්ද? වගේ පර්ස් එකට වාසි පැත්ත මුලින්ම බැලුවොත් පස්සේ කරදරේ වැටෙන්න ඕනේ නෑ.

second hand scooter

තැන කොහෙද?

ඊලඟට ඉතින් තෝරගත්ත මොඩ්ල් එක විකුනන්න තියෙන තැනක් හොයගන්න ඕනේ.ඉරිදා පත්තරෙත් නැතුවම නෙමෙයි.හැබයි දැන් හැමදේම ඔන්ලයින් නිසා පින්තුරත් එක්කම බයික් එක ගැන ලොකු විස්තරයක් එවෙලෙම බලාගන්න පුලුවන්.වැඩිය වදවෙන්නේ නැතුව ගූගල් එකෙ sri lanka used scooters හරි buy used scooter sri lanka කියලා සර්ච් කරාම ලංකාවේ හතර කොනේම විකුනන්න තියෙන බයික් හොයාගන්න පුලුවන්.

හැබයි පරිස්සමෙන්, හේතුව මේ සයිට් වලින් ගොඩක් අතරමැදියෝ ව්‍යාපාර කරන නිසා අමතර ගාස්තු නැතිව මිලදී ගන්න නම් එ ගැන විමසන්න අමතක කරන්න එපා.

 

පින්තූර අපහැදිලිද?

ඉතින් මේ දන්වීමකින් ඔබ කැමති second hand scooter මොඩ්ල් එක හම්බුනත් සමහර වෙලාවට තියෙන පින්තූර ඇපැහැදිලි වෙන්න පුලුවන්.ගොඩක් වෙලාවට මෙහෙම කරන්නේ සිතාමතාම බයික් එකේ තත්වය සගවන්න.ඉතින් වෙන්නැති ගණුදෙනුවකට ඔබේ කාලේ නාස්ති කරගන්න අකමැති නම් බයික් එක බලන්න යන්න කලින් පැහැදිලි පින්තුර කිහිපයක් අයිතිකරුවන්ගෙන් ඉල්ලන්න.

එ වගේම මොඩිෆිකෙශන් කරලා තියෙනවා නම් එ ගැන විස්තර ගන්න.සාමාන්‍යයෙන් ඕනෑම වාහනයක වෙලඳපලට එන මොඩ්ල් එකට අවසර නොලත් තර්ඩ් පාර්ටී එකකින් මොඩිෆිකෙශන් කරලා තියෙනවා නම් ඒකේ ආයුකාලය අඩුවීමේ සම්භාවිතාව වැඩි.එක නිසා එ ගැනත් සලකලා බලන්න.

second hand scooter

චෙක් කරන්නේ කොහොමද?

ඊලඟට කරන්න තියෙන්නේ තෝරගත්ත second hand scooter බයික් බලන්න යන එකනේ.විකුණන්න දැම්මම ඕනම බයික් එකක් සුද්ද කරලා සර්විස් එකක් දීලා සුපිරි විදියට තියෙන එක ඕනේම අයිතිකරුවෙක් කරන දෙයක්.එක නිසා එකට අහුවෙන්නේ නැතුව මුලින්ම බලන්න ඕන දේ තමයි බයික් එක ඔබ එන්න කලින් ස්ටාට් කරලද නැද්ද බලන එක.සාමානයෙන් බයික් එක විකුනන්න කලින් අයිකරු එක දාවන තත්වයේ තියෙනවද නැද්ද කියලා චෙක් කරන්න එක කරා කියයි.හැබයි මේ ක්‍රමය ස්ටාට් කරන්න අමාරු,ටික කාලයක් ස්ටාට් කරන්නේ නැතුව තිබ්බම ආයෙත් ස්ටාට් කරන්න අමාරු හෝ බැරිවෙන වගේ ලෙඩ බයික් එක මිලදී ගන්න යන ඔබෙන් හංගන්න යොදාගන්න විදියක් වෙන්න පුලුවන්.

 

ටෙස්ට් කරලම ගන්නවද?

ඊටපස්සේ ඉතින් කලින් ඇහුවේ නැත්තන් බයික් එක විකුණන හේතුව,ඉන්ධන කාර්යක්ශම බව,ධාවනය වෙලා තියෙන දුර වගේ දේවල් අහන ගමන් තියෙන කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න අයිතිකරුගේ කතාව අහන ගමන් තව දුරටත් බයික් එක චෙක් කරන්න.ඔක්කොම ස්විච්,ලයිට්ස් වැඩද බලන්න,ස්ටාර්ට් කරලා බලන්න.මේ වෙනකන් බයික් එකේ මට්ටම ගැන ඔබට ඕකේ නම් ඊලගට බලන්න බ්‍රේක් වල තත්වේ,ඩ්‍රයිව් බෙල්ට් එකේ තත්වේ,ඔයිල්,ස්පාර්ක් ප්ලග් වල තත්වේ.ඔක්කොම අවුලක් නැත්තන් ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලා බලන්න.එකේත් ප්‍රශ්නයක් නැත්තන් ඉතින් එක තමයි ඔබ හොය හොය හිටපු second hand scooter එක.මීට අමතරව ඔබ දන්නා ටිප්ස් තියෙනවා නම් මතක ඇතුව අපේ ෆේස්බුක් පේජ් එකේ කමෙන්ට් එක විදියට සටහන් කරන්න

Tags

Leave a Reply

Back to top button
Close
Close