The Time Out

මෙන්න ලොව ප්‍රසිද්ධම කාන්තා බයිකර්ස් දසදෙනා

මාර්තු 8 වන දින යෙදෙන ලෝක කාන්තා දිනය නිමිත්තෙන් biker.lk අපිත් හිතුවා ලොකයේ ලොව ප්‍රසිද්ධම කාන්තා බයිකර්ස්( female bikers ) දසදෙනා ගැන විස්තර ඔබ වෙත ගේන්න.ඇත්තම කතාව බැලුවොත් බයික් ගැන කතාකරත් බයික් රේස් ගැන කතාකරත් කාන්තාවන් සම්බන්ධ වෙනවා අඩුයි.හැබයි එක එහෙම නෙමෙයි කියලා ඔප්පු කරපු women bikers දසදෙනා ගැන විස්තර තමයි මේ.

01. Maria Costello MBE

Maria Costello තමයි තමන්ගේ නම අගට ඔය MBE කියන බ්‍රිතාන්‍ය ගෞරව නාමය තියෙන්න එකම කාන්තා බයික් රේසර් ශූරිය.ඉතින් හිතාගන්න පුලුවන්නේ ඇය කොතරම් දක්ශද කියලා.ඇය the Isle of Man හි කාන්තා ලැප් රෙකෝඩ් එකද Northwest 200 තරඟාවලියේ ලැප් රෙකෝඩ් එකටද එකසේ හිමිකම් ලබනවා.මෙවැනි සුවිශේෂී දක්ශතා වලින් පිරිපුන් ඇය European Junior Cup එකේහි ආධුනික තරඟකරුවන් පුහුණු කරවන අතර අන්තර්ජාතික women bikers කොමිසමේ (FIM) සාමාජිකාවක්ද වනවා.

 

2. Laia Sanz

දැනට අවුරුදු 32 වයසැති Laia Sanz, Enduro සහ Trials වර්ගයේ මොටර්බයික් තරග වල අතිදක්ශ ක්‍රිඩිකාවක් වන ඇය ස්පාඤ්ඤ ජාතිකත්වය හිමියි.ඇයගේ දක්ශතාව කොතරම්ද යත් ඇය European Championship ශූරතාව දස වතාවකුත් Women’s World Trial Championship ශූරතාව දහතුන් වතාවකුත් දිනාගෙන ඇත. එ වගේම ලෝක ප්‍රසිද්ධ ඩකා රැලියේ 2011 වසරේ සිට තම ආධිපත්‍ය පතුරමින් සිටි. ඇයගේ මොටර් තරඟ ජිවිතයේ පලමු වසරේම ඇය මෙම දක්ශතා පෙන්වා ඇති අතර 2015 වසරේ ඇය තරඟාවලිය 9වන ස්ථානයට අවසන් කර ඇත.

3. Beryl Swain

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන Beryl Swain මැතකාලයෙදි නොවුනත් ඇය බයික් රේසර් ඉතිහාසය පුරා නමක් රැන්දු ක්‍රිඩිකාවකි.1962 දී ඇය Isle of Man TT තරඟය අවසන් කල පලමු කාන්තා ධාවකයා ලෙස ඉතිහාසගතවී ඇත.එ සඳහා ඇය යොදාගෙන ඇත්තේ 50cc Itom බයික් එකක් වන අතර මොටර්සයිකල් දාවකයන්ගේ සංගමය විසින් දැඩි අනතුරු බහුල බව නිසා කාන්තාවට එම ඉසව්ව තහනම් ක්රීමට පෙර ඇය එම ඉසව්වේ පැවැති තරගයෙන් 22වන ස්තානයට පත්ව ඇත.

 

4. Avalon Biddle

1992 දී උපත ලද දැනට වයස 25 වන නවසීලන්ත ජාතිකයෙක් වන ඇය 2015දී පලමු යුරෝපියන් ජුනියර් කප් එක දිනු කාන්තාව ලෙසද ඉතිහාසගත වී ඇත.Women’s European Cup winner එක එක සීසන් දෙකක් දක්වා දිනා ඇති අතර මෙවර Supersport 300 World Championship හි Kawasaki Ninja 300 බයික් එකකින් තරඟ වැදීමට නියමිතයි.

 

5. Ashley Fiolek

අමෙරිකානු ජාතික මැය දැනට විශ්‍රාමික වෘත්තීය මොටොක්‍රොස් රේසර් කෙනෙකි.2008දී 2008 WMA Pro National Championship එක දිනාගත් ඇයට සමකල හැකි තවත් කාන්තාවන් ඇත්තේ ඉතාමත් අල්පයකි.අන්තර්ජාතික තරගවලදී විශේෂයෙන්ම Women’s Moto X Super X වලදී 2009 හා 2010 දී රන් පදක්කම් දෙකක් දිනාගැනීමට මැය සමත් වී ඇත.වයස අවුරුදු 22දී ඇයගේ පස්වසරක බයික් රේසර් වෘත්තීයෙන් ඉවත්වීම විශේෂ කරුණක් විදියට දැකිය හැක.

 

6. Maria Herrera

තවත් ස්පාඤ්ඤ ජාතික බයික් ධාවන ශූරියක් වන මැය දැනට Moto3 මාදිලියේ තරඟ වලට පෙනීසිටී.වයස අවුරුදු 20ක් වුවත් 2018 World Supersport 300 හි ලකුනු 45ක් ගෙන 13න්වන ස්තානය ලබා ඇත.එ සඳහා ඇය යොදාගෙන ඇත්තේ Yamaha YZF-R3 බයික් එකක්ය.

 

7. Veenu Paliwal

ඉන්දියාවෙන් පිටතදී බයික්රේසර්ස්ලා සම්බන්ධව එතරම් ප්‍රසිද්ධ නමක් නොවුවත් මිලියන 37ක් පමන බයික් තිබෙන රටක් වන ඉන්දියාවේ කාන්තා බයික් රයිඩර් කෙනෙක් විදියට මැය ප්‍රසිද්ධියට පත්ව ඇත.ඇය මෙතරම් ප්‍රසිද්ධ වී තිබෙන්නේ කාන්තාවන්ට දැඩි නීතී ඇති සංස්කෘතියකට හිමි ඉන්දියාවේ දිනපතා හාර්ලි ඩෙවිඩ්සන් බයික් එකක් ධාවනය කරන එකම කාන්තාව වීම නිසයි.විශේෂයෙන්ම ඇයගේ ගම් පළාත වන ජයිපුර් හිදි මෙය සුලබ දසුනක් වි ඇත.කෙසේ වෙත්ත ඇය තවත් ප්‍රසිද්ධ වී තිබෙන්නේ ඇයට Harley-Davidson මගින් අනුග්‍රාහකත්වය ලබාදී ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු වලට සම්බන්ධ කරගැනීම හේතුව නිසායි.නමුත් මෙම කටයුතු අතරතුර අවාසනාවකට 2016 වසරේදී ඇය රිය අනතුරකින් මියගොස් ඇත.

 

8. Melissa Paris

බාසිලෝනාහි පැය 24 එන්ඩියුරන්ස් තරගාවලියෙදි සහ WERA West Superbike තරඟාවලියෙදී ඇය පලමු ස්තානය ලබාගැනීමම ඇයගේ දක්ශතාව පෙන්වීමට ප්‍රමාණවත්ය. එමෙන්ම ඇය Honda’s MotoGP M1 රේස් බයික් එක ටෙස්ට් කල ලොව එකම කාන්තාවයි.world supersport race තරගයට සුදුසුකම් ලත් ලොව ප්‍රථම කාන්තාවද වනවා.

9. Elena Myers

පලමු ස්තාන කිහිපයක කිරුල ලබා ඇති අමෙරිකානු ජාතික ඇය 2010 දී AMA Pro Racing road race දිනු පලමු කාන්තාව වන අතර,AMA racing තරඟාවලියකට සුදුසුකම් ලැබු ලාබාලම female biker වනවා.එමෙන්ම MotoGP තරගවලට පැමිනිමට සිටියත් අනුග්‍රාහක ප්‍රශ්නමත එය නැවති ඇත.

 

10. Jenny Tinmouth


බ්‍රිතාන්‍ය ජාතික ඇය the Isle of Man TT හි ලොකයේ වේගවත්ම කාන්තා ලැප් රෙකෝඩ් එකට හිමිකම් කියයි.එය වාර්තා කර ඇත්තේ ඇයගේ ප්‍රථම තරඟයෙදීම වීම තවත් විශේෂත්වයකි. ඊලග වසරේදී ඇය තම වාර්තාව අලුත් කරමින් 119.95mph සාමාන්‍ය වේගයකින් වාර්තාව අලුත් කර ඇත.ඊට අමතරව British 125gp Championship, Supersport, Supersport Cup Championships වලට සුදුසුකම් ලත් පලමු female biker වේ.

Leave a Reply

Back to top button
Close
Close