බාල Spare Parts නිසා සිදුවෙන්න පුළුවන් මාර්ග අනතුරු 5ක්

කාලයක් යද්දී Bike එකේ කොටස් ගෙවෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා ගෙවීගිය අමතර කොටස් ඉවත් කරලා තත්වයෙන් උසස් අමතර කොටස් දමන්න ඕන. හැබැයි ඉතිං ලේසියට සහ වාසියට බාල අමතර කොටස් දැම්මොතින් ඒවා ඉක්මනින් කැඩිලා ගෙවිලා යන්න පුළුවන්.
සමහර වෙලාවට ඔබ Bike එක පදින වෙලාවකම බාල අමතර කොටස් කැඩිලා ගිහින් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. මේ කියන්න යන්නේ ඒ වගේ බාල අමතර කොටස් නිසා වෙන්න පුළුවන් අනතුරු ගැන.
Chain එක
Bike එකේ ධාවනයට වැදගත්ම උපාංගයක් තමයි Chain එක. එන්ජිමේ බලය රෝදයට ලබා දෙන්නේ Chain එක හරහා. කොටින්ම කිව්වොත් Bike එක අඩියක් හරි ඉස්සරහට යන්න Chain එක අත්‍යවශ්‍යයි. නමුත් කාලයක් යද්දී Chain එක ගෙවිලා යන්න පුළුවන්.
ඒ වෙලාවට තත්වයෙන් උසස් Chain එකක Replace කරන්න අ,මතක කරන්න එපා. බාල Chain දාලා Bike එක පද්දොත් මඟදී Chain එක කඩලා යන්න පුළුවන්. ඔබ තරමක් වේගයෙන් ගමන් කරන වෙලාවක Chain එක කඩලා ගියොත් ලොකු අනතුරක් වෙන්න ඉඩකඩ තියෙනවා.
Brake Pads
ඕනෑම වාහනයක් වගේම Bike එකක් වුනත් පාරට දන්නා නම් Brake හොඳට වැඩ කරන්න ඕන. Brake Pads මත තමයි Bike එකේ Brake වැඩ කිරීම තීරණය වෙන්නේ. Bike එකේ ඉතා ඉක්මනටම ගෙවිලා යන කොටසක් තමයි Brake Pads කියන්නේ.
ඒ නිසා Bike එකට Break Pads දමද්දී උසස් තත්වයේ Brake Pads දමන්න අමතක කරන්න එපා. මොකද බාල Brake Pads වේගවත් ධාවනයකදී තිරිංග තද කරාම කඩලා යන්න පුළුවන්. එය ඔබේ ජීවිතයට ලොකු අවධානමක්.
Head Lights සහ Signal Lights
Bike එකක තවත් වැදගත් අමතර කොටසක් තමයි Lights කියන්නේ. රාත්‍රී කාලයේදී වගේම දහවල් කාලයේදීත් එක විදියටම Lights වැදගත් වෙනවා.
හොඳ වර්ගයේ Light එකක් පහසුවෙන් පිච්චෙන්නේ නෑ. හැබැයි බාල වර්ගයේ Lights දාලා රාත්‍රී කාලයේදී Head Light එක ගියොත් නොහිතනා අනතරු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම දඩ කන්නත් වෙනවා. ඒ නිසා Bike එකට Lights දාද්දි හොඳ වර්ගයේ Lights දාන්න අමතක කරන්න එපා.
Cable
Bike එක පාලනය කරන්න Cable ගොඩක් වැදගත් වෙනවා. උදාහරණයක් විදියට Clutch Cable සහ Brake Cable හඳුන්වන්න පුළුවන්. සමහරු සුළු ලාභයට බාල වර්ගයේ Cable දානවා. හැබැයි ඒ නිසා වෙන්න පුළුවන් හානිය ඉතා විශාලයි. හිතන්න ඔබ Bike එක ධාවනය කරද්දී Brake Cable එක කැඩුනොත්. එහෙම නැත්නම් පාළු ප්‍රදේශයකදී Clutch Cable කැඩුනොත් Bike එක තල්ලු කරගෙන තමයි ඔබට එන්න වෙන්නේ.