Maintenance

බාල Spare Parts නිසා ලංකාවේ වැඩිපුරම Bike වලට වෙන ප්රශ්න 5ක්

සමහරු නොදන්නාකමට Bike එක විනාශ කර ගන්නවා. සමහරු දැන දැනම තමන්ගේ Bike එක විනාශ කර ගන්නවා. ඒ අය තමයි දැන දැනම Bike එකට බාල Spare Part දාන අය. ලංකාව පුරාම බාල Spare Part කඩ වැහි වැහැලා. ඒවට රැවටෙන අයට මුහුණ දෙන්න වෙන ගැටළු වලත් නිමක් කොනක් නෑ.

දැන් කියන්න යන්නේ බාල Spare Parts නිසා ලංකාවේ වැඩිපුරම Bike වලට වෙන ප්රශ්න ගැන.

එන්ජින් බෝර්


කාලයක් යද්දී එන්ජිමේ කොටස් ගෙවිලා යන එක සාමාන්ය දෙයක්. හැබැයි කලට වෙලාවට ඒ කොටස් Replace කරන්න ඕන. ඒ විතරක් මදී. අනිවාර්යෙන්ම එන්ජිමට ගුණාත්මකභාවයෙන් යුතු අමතර කොටස් දාන්න ඕන. එහෙම නැත්නම් බාල අමතර කොටස් නිසා එන්ජිමට හානි වෙලා බෝර් කරන්න වුනත් සිද්ධ වෙනවා. එහෙම වුනොත් නම් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කඩන්න සිද්ධ වෙයි.

Brake කුඩු


බාල අමතර කොටස් දාලා ශ්‍රී ලාංකිකයන් අමාරුවේ වැටෙන තවත් අවස්ථාවක් තමයි බාල Brake Pads කියන්නේ. Bike එකක තියෙන වැදගත්ම කොටසක් තමයි Brake කියන්නේ. ඒ නිසා කවදාවත් බාල Brake Pads දාන්න හිතන්නවත් එපා.

බාල Brake Pads නිසා Bike එකේ Hub එක කැපෙන්න පුළුවන්. ඒ වගේම Disc එකට හානි වෙන්නත් පුළුවන්. Brake Pads වල කෑලි කැඩිලා Disc ඇතුලේ හිර වෙන්නත් ඉඩ තියෙනවා. ඔබ Bike එක ධාවනය කරන අතරදී මේ වගේ දෙයක් වුනොත් අනතුරක් වෙන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා.

Cable කැඩුනොත්


Cable නිසා ලංකාවේ Bike Riders ලා ආමරුවේ වැටෙන වාර අනන්තයි. බාල Clutch Cable දැම්මාම Clutch Plate වලටත් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම Bike එක ධාවනය කරද්දී Clutch Cable හෝ Brake Cable කැඩුනොත් අනතුරකට වුනත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම මඟ දිගේ Bike එක තල්ලු කරලා රස්තියාදු වෙන්නත් සිද්ධ වෙනවා.

වයර් ෂෝට්


Bike Riders ලා වැඩිය ගණන් නොගත්තාට Bike එකේ Electric System එකත් ගොඩක් වැදගත් දෙයක්. ඒ නිසා එයටත් ගුණාත්මක අමතර කොටස් යොදන්න ඕන. බාල ෆියුස්, බාල වයර් වගේම බාල බැටරි නිසා Bike එකේ Electric System එකට හානි වෙන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close