The Time Out

බයික් රෝඩ් ට්‍රිප් යන්න ලංකාවේ සුපිරි රූට් පහ ගැන දන්නවද?

දිග නිවාඩුවක් එනකොට බයික් එකෙන් දවස් දෙක තුනක bike road trip එකක් යනවා කියන්නේ පට්ටම ෆන් එකක් ගන්න පුලුවන් වැඩක් කියලා අලුතෙන් කියන්න ඕනේ නෑනේ.ඉතින් අද අපි ගේන්නේ ලංකාවේ ඔබට යන්න පට්ට බයික් රූට්ස් 5ක්.

නුවර‍එළියෙ සහ හොර්ටන් තැන්න

කොලඹ ඉදන් බයික් එකෙන් නුවර‍එළිය යනවා කියන්නේ පොඩ්ඩක් අමාරු වැඩක් කියලා හිතුවට ලංකාව වගේ දසගුනයක ලොකු රටවල යන බයික් රොඩ් ට්‍රිප් එක්ක මේක කිසිම අමාරුවක් නැති පට්ට ෆන් වැඩක්.නුවර‍එළියේ තියෙන සුන්දරත්වය විදගන්න වගේම විශේෂයෙන්ම හොර්ටන් තැන්නට යනවා නම් ඒ රූට් එකේ දකින්න ලැබෙන මනාස්කාන්ත පරිසරය ඔබේ ජිවිතේ ලැබෙන අමුතුම අත්දැකිමක් වෙවි.එ වගේම මඟ දිගට තියෙන ස්ටෝබරි ෆාම් වලයි, අඹේවේල ෆාර්ම් එකෙයි නැවතිලා යන්න අමතක කරන්න එපා.

හැබයි එක දෙයක් විශේෂයෙන්ම හොර්ට්න්තැන ආශ්‍රිත කැලැ සතුන් පාරට එන්න පුලුවන් නිසා සහ මාර්ගයේ එක් පසක දළ බැවුම් තිබෙන නිසා අනිවාර්යෙන්ම වේග සිමා ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.එ වගේම වැස්ස,මීදුම කියන දේවල් මේ පැත්තට අලුත් දෙයක් නෙමෙයි.එක නිසා ඔබේ ගමන්මලු එකට හරියන විදියට ලැස්ති කරගෙන යන්න.එ වගේම මේ පැත්තේ රාත්‍රියේ ගමන් කරන එක නම් ගොඩක් අවධානම්.හොටර්න්තැන්න රූට් එක උදේ 7ට 8ට වත් පටන්ගතොත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

දියතලාව

යන්න පුලුවන් නම් යන්නම ඕනේම පැත්තක් තමයි ඉතින්.පරිසරේ සුන්දරත්වය වගේම විඳින්න වගේම බයික් වලට ආදරය කරන ඕනේම කෙනෙක් දන්න Fox Hill Motor Cross එකත් තියෙන්නෙ දියතලාවේ නිසා බයික් රූට් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.විශේෂයෙන්ම තරඟාවලිය කාලෙදිම එ පැත්තේ යනවා නම් වටිනවා.අප්‍රේල් ඉඳන් දෙසැම්බර් කාලේදී දියතලාවට යනවා නම් ඉතින් වැස්සත් මගදි බලාපොරොත්තුවෙන් යන්න.

සීගිරිය – අනුරාධපුරය – පොලොන්නරුව

සීගීරියෙන් පටන අරගෙන අනුරාධපුර පොලොන්නරු, එක ළඟ එක ළග තියෙන නටබුන්, පන්සල්,වැව් මේ ඔක්කොම බලන්න වාහන වල ගියොත් සැහෙන වෙලාවක් යනවා වගේම කරන්න බැරි වැඩක්.හැබයි ඉතින් බයික් එකක ගියා කියන්නේ ඔය ඔක්කොම කවර් කරගෙන දවස් දෙකකින් හොඳ නිවාඩුවක් අරගෙන එන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව.හැබැයි දවසින් ඔය ඔක්කොම කරන යාලුවොත් නැතුව නෙමෙයි.අප්‍රේල් ඉදන් දෙසැම්බර් මාස අතර කාලෙදි මේ රූට් කවර් කරන්න යනවා නම් අනිවාර්යෙන්ම වැස්සට ලෑස්ති වෙලාවම යන්න.

යාපනය

බයික් එකක යාපනේ යනවා කිව්වම එක පාරම ප්‍රශ්නාර්තයක් තමයි මතුවෙන්නේ.හැබැයි බැරි කමකුත් නෑ.(එහෙම යන්න බැ වගේම නම් ඉතින් එහෙන බයික් හයර් කරන තැනුත් තියෙනවා.)හැබයි ඉතින් පනික්කන්කුලම් හරියේ ඉදන් අලිමංකඩ වෙනකන් තනිකෙලින් එක එල්ලේ තියෙන වාහන අඩු පාරේ bike road trip එක යනකොට තියෙන ෆීලින් එක ලංකාවේ වෙන බයික් රූට් එකකින් ගන්න බෑ.හැබයි එකම දේ පොඩ්ඩක් සැරට අව්ව තියෙනවා,පාර දෙපැත්තේ ගස් එහෙම අඩුයි හෙවන දෙන්න.

එක නිසා එකට හරියන්න අඩුම ගානේ අව්කන්නාඩි දෙකක් වගේම අනෙක් bike trip essentials අරන් යන්න අමතක නොකර.ජනවාරි ඉදන් අප්‍රේල් මාසේ වෙනකන් මේ රූට් එක කවර් කරන්න හොද කාලගුනයක සහය ඔබට ලැබෙවි.ජූනි ඉඳන් අගෝස්තු ඉවර වෙනකන් එ පැත්තේ ටුවරිම් සීසන් එක නිසා ටවුන් හරියට වෙන්න පොඩ්ඩක් ට්‍රැෆික් එහෙම තියෙන්න පුලුවන්.එක නිසා කාලේ බලලා යන්න.

මිරිස්ස

කොලඹ ඉදන් යනවා නම් ඉතින් මිරිස්ස කියන්නෙ බයික් රෝඩ් ට්‍රිප් එකක් යන්න පුලුවන් හොඳ පැත්තක් තමයි.ගාලුපාර දිගේ කන්න,බොන්න,නාන්න,ඉන්න ඕන දෙකට සැප පහසුකම් පොඩ්ඩක් වැඩි රූට් එකක් කිව්වත් වරදක් නෑ ඉතින්.මොකද නාන්න ඕනේ නම් බයික් එක නවත්තලා ගියා බීච් එකට, කන්න හරි නවතින්න හරි ඕනේ නම් හොටෙල් ඕන තරම් මග දිගට, එමදිවට මග දිගට බලන්න දෙවල් ඕන තරම්.යාපනය රූට් එකත් එක්ක බැලුවම හැබයි වේගෙන් එන බස් වලින් එහෙම අනතුරු වෙන්න පුලුවන් සම්භාවිතාව මේ රූට් එකේ වැඩි නිසා පොඩ්ඩ්ක් පරිස්සමෙන්.

කලුතරින් පන්සලින් පටන් ගත්තම අලුත්ගම කන්දෙවිහාරේ, කොස්ගොඩ කැස්බැවෝ, අප්‍රසිද්ධ අකුරණ බීච් එක , ප්‍රසිද්ධ හික්කඩුව සංචාරක කලාපය, ගාල්ල කොටුව ,මාතර පරෙවි දුව විහාරය,මිරිස්ස බීච් එක වගේ ලිස්ට් එකක්ම බලන්න පුලුවන් දවස් දෙක තුනක් bike road trip එකක් යනවා නම් මිරිස්සට. මීට අමතරව ඔබ දන්නා සුපිරී බයික් රූට්ස් තියෙනවා නම් මතක ඇතුව අපේ ෆේස්බුක් පේජ් එකේ කමෙන්ට් එක විදියට සටහන් කරන්න

Leave a Reply

Back to top button
Close
Close