කඳුකරයේ Bike පදිනකොට මේ ගැනත් හිතන්න.

කඳුකරයේ Bike පදිනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. Bike එක හරි හැටි පාලනය කර නොගත්තොත් අඩි ගණනක් පල්ලෙහා තමයි ඉන්න වෙන්නේ. බය වෙන්න එපා. දැන් අපි කියලා දෙන්නේ කඳුකරයේ Bike පදින හැටි.
පය බුරුලෙන් තබා වරෙන්..
කඳුකර ප්‍රදේශයක Bike පදිනකොට බෑවුම ගැන නිතර අවධානයෙන් ඉන්න. පුළුවන් තරම් බෑවුමට දුරින් මාර්ගයේ මැද්දට වෙන්න Bike එක පදින්න. හැබැයි ඉස්සරහින් එන වාහන ගැනත් හොඳ කල්පනාවෙන් ඉන්න. මංතීරු දෙකක මාර්ගයක් නම් මැද ඉර ආසන්නයෙන් ගමන් කරන්න. එතකොට අවශය වෙලාවලදී ඔබට මාර්ගයේ ඉඩ ගන්න පුළුවන්.
ඒ වගේම කඳුකර මාර්ග වල වංගු බහුලව තියෙනවා. ඒ නිසා ඉදිරියෙන් එන වාහන නොපෙනෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන වඩාත් අවදානය යොමු කරන්න. නිතරම මාර්ගයේ හැකි තරම් දුර ගැන අවබෝධයක් ලබා ගන්න. වාහන වගේම හරකුන් වැනි සතුන් පවා මේ මාර්ග වල බහුලව ඉන්න පුළුවන්. ඒ වගේ වෙලාවක Bike එකේ වේගය අඩු කර ගන්න එක නුවණට හුරුයි.
අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න..
කඳුකර මාර්ග දෙපස උස ගස් තියෙනවා ගොඩක් අඩුයි. ඒ වගේ වෙලාවට මාරගයේ ඉහල සහ පහළ හොඳට පේනවා. අන්න ඒ වගේ වෙලාවට ඔබට අමතර වාසියක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම වැලමිටි වංගු වලදී මේ වාසිය ඔබට හොඳින් තියෙනවා. ඒ වගේ වෙලාවට මාරගයේ උඩ සහ පහළ බලල ඉදිරියෙන් එන වාහන ගැන අවබෝධයක් ගන්න. එතකොට ඔබට වංගු හැරවීමේදී පහසුවෙන් යන්න පුළුවන්.
වංගු නවන හැටි..
සාමාන්‍යයෙන් වංගුවක් ගනිද්දී Bike එක පොළව දෙසට ඇල කරලා ගන්න එක තමයි කරන්නේ. හරියට Bike Race වල වගේ. හැබැයි කඳුකර මාර්ගයේදී මේ වැඩේ පොඩි අවදානමක් තියෙනවා. විශේෂයෙන්ම වැලමිටි වංගු වලදී. ඒ නිසා හොඳම දේ තමයි වංගුවකදී Bike එකත් එක්ක ඔබත් ආනත වෙන එක.
Break ගහන හැටි..
සාමාන්‍ය පාරවල් වල හිතුමනාපෙට Break ගහනවා වගේ කඳුකර පාරවල් වල Break ගහන්න බෑ. එහෙම වුනොත් පියාඹන්න තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් කන්දක් නගිනවා නම් පසුපස Break ගහන එක තමා වඩාත්ම ආරක්ෂිත. ඒ වගේම කන්ද බහිනවා නම් ඉදිරිපස Break ගහන්න.
පල්ලම් බහිමුද?
Bike එකකින් කන්දක් නගින එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි කන්දක් බහිද්දී වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. මොකද කන්දක් බහිද්දී අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. පල්ලමක් බහිද්දී පුළුවන් තරම් Engine Break භාවිතා කරන්න. 2 වෙනි Gear එක තමයි කන්දක් බහින්න වඩාත් හොඳ. ඔබට හිතෙනවා නම් 1 වෙනි Gear එකේ යද්දිත් වේගය වැඩියි කියලා Break භාවිතා කරලා වේගය පාලනය කර ගන්න.
Parking කරන්නේ මෙහෙමයි.
කඳුකර පාරවල්වල යද්දී අලංකාර දර්ශන තියෙනවා. ඒ වෙලාවට ඔබට Bike එක නවත්වලා ටිකක් සුන්දරත්වය විදින්න හිතේවි. හැබැයි ඉතිං කඳුකර පාරවල් වල මහ පාරක වගේ Bike Park කරන්න බෑ. හොඳ ඉඩකඩ ඇති තැනක් Bike එක නවත්වන්න. ඒ වගේ පාරේ යන එන අනිත් වාහන වලට අවහිරයක් නොවෙන බවටත් වග බලා ගන්න. සමහර වෙලාවට ඔබ දකීවි Bike එක Park කරන්න හොඳ ඉඩක්. හැබැයි ඒ ඉඩ තියෙන්නේ පාරේ තවත් වාහන දෙකකට මාරු වෙන්න පුළුවන්. එම නිසා එවැනි ස්ථාන භාවිතා කරන්න එපා.
ඒ වගේම සමහර වෙලාවට කන්ද පහල ඉඳන් උඩට වැදුන ගස් මතින් තණකොළ වැවිලා පැතලි භූමියක් වගේ පේන්න පුළුවන්. ඒ වගේ මර උගුල් ගැනත් හොඳට අවදානය යොමු කරන්න. පල්ලමකදී Bike එක නවත්වද්දී Bike එකේ හිස පල්ලම පැත්තට හිටින්න නවත්වන්න එපා. එතකොට පහසුවෙන්ම Bike එක පෙරලෙන්න පුළුවන්. Bike එක Gear එකේ නවත්වන්න උත්සහා කරන්න. රෝද වලට යෙදෙන ඝර්ෂණය නිසා Bike එක පහලට තල්ලු වීම වලකිනවා.
කාලගුණයත් බලන්න වෙනවා..
කන්දක ඉහළට සහ පහළට යද්දී උෂ්ණත්වයේ විශාල වෙනස්කම් වෙනවා. ඒ නිසා ශරීරය උණුසුම් වෙන විදියේ ඇඳුමක් අරගෙන යන්න. විශේෂයෙන්ම Raincoat එකක් අරගෙන යන්න. නැත්නම් සීතල වැඩි කමකට වෙව්ලන්න අරන් ඔබට හරියට Bike එක පාලනය කර ගන්න බැරි වේවි. සමහර වෙලාවට හිරු එළිය වැටුන වෙලාවක් වුනත් හිටිහැටියේ ඝන මීදුමක් මතු වෙන්න පුළුවන්.