Maintenance
පරිස්සමින් බයික් පදිමු

බයික් එකේ යනකොට ඔබ වැඩිපුරම හිතන්න ඕනේ ආරක්ෂාව ගැන. මොකද ඔබ යන්නේ රෝද 4ක් උඩ නෙවෙයි 2ක් උඩ. ඉතින් අනිවාර්යයෙන්ම ඔබේ සමබරතාවය ගැන තමයි අංක එකට හිතන්න ඕනේ.
ඒ කොහොම වුණත් බයික් එකක් පදින්න ඔබ යනවා නම් කෝකටත් සුදානම් ශරීරයෙන් යන්න ඕනේ. මොකද කොයිවෙලේ ඔබේ සමබරතාවය බිඳෙයිද කියලා දන්නේ නැහැනේ. ඒ නිසා අමතක නොකර මෙන්න මේ විදිහට ලෑස්ති වෙලා බයික් පදින්න.
අනිවාර්යයෙන්ම හෙල්මට් එක නැත්නම් ආරක්‍ෂිත හිස් වැස්ම පළදින්න. ඊට අමතරව පුළුවන් කමක් තියෙනවා නම් වැලමිට සහ දණහිස් ආවරණ පළඳින්න. මේ දේවල් එක්ක බයික් පදිනකොට ඔබට පොඩි අපහසුවක් දැනේවි. හැබැයි එකෙන් ලැබෙන ආරක්ෂාව නිසා ජීවිත කාලෙම ඔබට දුක් විඳ විඳ ඉන්න වෙන එකක් නැහැ.