Maintenance
වැස්සෙත් බයික් පදින එක හොඳද?

ඔබ බයික් එකක් තියෙන කෙනෙක් නම් වැඩි පුරම සැලකිලිමත් වෙන්න ඕනේ දෙයක් තමයි කාලගුණය. මොකද ඔබේ වාහනයට වහලක් නැහැ. ඒ වගේම තියෙන්නේ රෝද දෙකක් විතරයි. ඒ නිසා අමතක නොකර බයික් එක Start කරන්න කලින් අහස දිහා ටිකක් බලන්න.
බයික් එකේ යනකොට වැස්ස නම් කරුණා කරලා වේගය අඩු කරන්න. මොකද වැස්ස වෙලාවට පාරේ ලිස්සන ගතියක් එනවා කියලා ඔබ හොඳටම දන්නවනේ.
ඒ වැස්ස නිසා තාර පාර වල ලිස්සන ගතියක් එනවා. ඉතින් අපිට තියෙන හදිස්සියට ඒ විදිහේ ලිස්සන පාරක බයික් පදින්න ගිහින් අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩියි.
හදිස්සිම ගමනක් නම් විතරක් වැස්සේ යන්න. හැබැයි අමතක නොකර ඔබේ බයික් එකේ ටයර් වල තත්වය පොඩ්ඩක් බලන්න. ටයර් මේ වැස්සේ තාර පාර උඩ ලිස්සලා යන එකක් නැහැ කියලා ඔබේ හිත කිවුවොත් විතරක් ගමන යන්න. හැබැයි ඔබට පාලනය කරගන්න පුළුවන් වේගයකින්. හැබැයි අපි නම් ඔබට කියන්නේ වැස්ස වෙලාවට පුළුවන් තරම් බයික් එක පදින්නේ නැතුව ඉන්න කියලයි. මොකද මොන හදිස්සියකටත් වඩා ඔබේ ජීවිතය වටිනවා.