Maintenance
බයික් පදිනකොට ජැකට් එකක් ඕනමද?

ඔබ බයික් එකක් පදිනවා කියන්නේ ඔබ කොයි තරම් බාහිර පරිසරයට විවෘත වීමක්ද කියලා අපි අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැනේ.ඒ වගේම මහ පාරේ කොච්චර දුහුවිල්ලක් තියෙනවද කියලත් ඔබ හොඳටම දන්නවා. අන්න ඒ නිසා බයික් එක පදිනකොට ජැකට් එකක් පළඳින එක ඉතාම වැදගත්. එතකොට ඔබේ ගමන අතරතුර ඇඳගෙන යන ඇඳුමට සිද්ධ වෙන දුහුවිලි බැඳීම වළකනවා.
ඒ වගේම ඔබේ බයික් එක හදිස්සියෙවත් පෙරලුනොත් ඔබේ ශරීරයට, ඇඳුමට සිද්ධ වෙන හානිය ටිකක් හරි අවම වේවි. ඒ නිසා පුළුවන් හැමවෙලාවකම ජැකට් එකක් දාගෙන බයික් පදින්න පුරුදු වෙන්න. හදිස්සියේ වැස්සත් ඔබට ප්රශ්නයක් නැහැ එතකොට.