Maintenance
බයික් එකේ වෙට්ටු දාලා මට්ටු වෙනවද?

ගොඩාක් වෙලාවට මහ පාරේ යන හැමෝගෙන්ම බයික් පදින අය බැනුම් අහනවා. පොඩි ඉඩක් තිබුනත්, අනතුරු දායක බව ගැන හිතන්නේ නැතුව අස්සෙන් අස්සෙන් දාලා බයික් පදින නිසයි එහෙම වෙන්නේ. හැබැයි මතක තියා ගන්න ඔබ ඔය කරන්නේ ඉතාම නරක වැඩක්.
ඔබ පදින්නේ පළලින් අඩු වාහනයක් නිසා පොඩි ඉඩක් දැක්කත් ඔබට ඒ අතරින් බයික් එක දාන්න හිතෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.
ඒත් තත්පර පහක හයක ඒ වාසිය වෙනුවෙන් ඔබ ජීවිතේම උගසට තියන එක හරිද? ඔබම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මීට පස්සේ වත් අස්සෙන් රිංගලා වෙට්ටු දාලා යන්න කලින් ඔබේ ජීවිතේ වටිනාකම ගැන දෙපාරක් හිතන්න. අනිත් එක බැරිවෙලාවත් ඔබ එහෙම යනකොට ට්‍රැෆික් පොලිස් දැක්කොත් අනිවාර්යයෙන්ම දඩ.